IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


දිවියන්ගේ දිවි රැකගැනීමට හොඳ කලක්

තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දිවියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වතු අධිකාරිවරුන් සමඟ වනජිවි දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇති මදු ගැලවීමේ ව්‍යපෘතිය සාර්ථකව සිදුකරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ



අදහස් (17)

දිවියන්ගේ දිවි රැකගැනීමට හොඳ කලක්

පූජා Tuesday, 30 June 2020 09:12 AM

5 වෙනි පින්තූරයේ ඉන්න අපේ යාලුවාව දැකලා, සිත සතුටෙන් පිනාගියත්, අනෙකුත් පින්තූර දිහා බලද්දී මගේ හිත කඩා වැටුණා. ආයෙත් පරණ තුවාලය අලුත්වුණා. අනේ ඒ අයත් අද ජීවතුන් අතර ඉන්නවා නම් කොපමණ හොඳද? මෙයාලාව රැකගැනීමට ගත් උත්සාහයට අප සැම ඔබ සියලු දෙනාටම ණයගැති වෙමු. අද දින අසන්නට ලැබුණ ප්‍රීතිමත්ම ආරංචිය... 5වෙනි පින්තූරයේ ඉන්න කෙනා තේ දලු අතරට වෙලා ඉන්න ඉරියව්වේ ලස්සන...

:       2       367

විජිත් Tuesday, 30 June 2020 09:47 AM

ඔව් පූජා, එ්ත් මේ ඡායාරූප පෙළ දකිද්දී ආයෙත් මම හිතෙන් අමතක කරලා දාන්න හදන ඒ අහිංසකයින්ගේ දුක්බර මුහුණු මා දිහාබලාගෙන ඉන්නවා. ඒ ගොල්ලන්ගේ ජීවිත උදුරාගත් නරුමයින්ගෙන් ඒ ගොල්ලෝ එයාලගේ ජීවිත ආයෙත් ඉල්ලනවා.. මගේ පපුවේ එක කෙළවරක හීනි උලකින් පහුරුගානවා වගේ.. කියලා විස්තර කරන්න බැරි වේදනාවක් ඇතිවෙනවා.

:       9       250

බද්රානි Tuesday, 30 June 2020 09:50 AM

මොනවා නැතත්, අපේ ජීවිතය පරදුවට තබා හෝ මේ වන සතුන් ආරක්ෂා කළයුතු වෙනවා. නැත්නම්, අපි කොහොමද ලෝකයේ කිසිම රටක රටක නොමැති සතුන් ලංකාවේ පමණක් සිටින බව ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ? අනික ඉතින්, ලංකාව මේ තත්වයට ඇද දාලා රටටම හානියක් කර තියෙන්නේ, මේ අහිංසක වන සත්තු නොවෙයිනේ, අපේම මිනිස්සුනේ නේද?

:       1       111

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 10:21 AM

මේ පණපිටින් ඉන්න සතුන් දිහා සතුටු සිතින් බැලුවත්, මේ මියගිය සතුන් දිහා බැලුවම මගේ ඇඟේ ලේ රත් වෙනවා. සිරුරම අප්‍රාණික වී කියන්නට බැරි කුමක්දෝ අසහනකාරී හැඟීමක් සිතට දැනෙනවා. මේ වනජීවී එක මේ පුඩු ටික ගලවලා සතුන්ගේ අනාගතය ගැන උදම් අනනවා.. වනජීවී එක යන්න යාවි.. ඒත්, මස් වැද්දන් ආයෙත් ඒවා අටවාවි. කෝ මේ සතුන් මරපු එවුන් ඇල්ලුවද? දැන් නිකං පුඩු විතරක් ගලවලා සියල්ල කළා වගේ කතාව... ඇත්තම කියනවා නම්, වනජීවී එකේ අය මේ සිදුවූ දේවල් නිසා සැබවින්ම ලැජ්ජාවට පත්විය යුතුයි. පරිසරවේදීන්, පුවත්පත් ආදිය නැති නම් මේ අය තවම තද නින්දේ... ඒ බව මස් වැද්දන් දන්නවා. කරුණාකර, වනජීවී අංශ ගැන නොසිතා, මේ පුඩු තබා සතුන් මැරූ එවුන් අල්ලන්න බුද්ධි අංශ යොදවන්න. ඔවුන්ට නිසිදඬුවම් දෙන්න. එවිට මෙය පාලනය වේවි. එමෙන්ම, මේ මස් වැද්දන් අල්ලන්න රහසිගතව එස්.ටී.එෆ්. එක යොදවන්න. ඒ අය සැබෑ දක්ෂයින්. එවිට දැනට ඉන්නා සතුන් ටික හෝ බේරාගැනීමට හැකිවේවි. වනජීවීය ඔවුන්ගේ නොහැකියාව පෙන්වා අවසන්. ඔවුන්ගේ ඉදිරිකටයුතු කෙසේ විශ්වාස කළහැකිද? ඒවාද පෙර ඒවා සේම වුවහොත් වන සතුන්ට කාගේ පිහිටක්ද? මස් වැද්දන් ඇල්ලීමට නොහැකි වනජීවී එක ගැන කුමන විශ්වාසයක් තබමුද..?

:       12       421

nandana Tuesday, 30 June 2020 10:36 AM

මේ සතුන් ආරක්ෂා කරන ආකාරයටම, මේ වතුවල වැඩකරන කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ දරු පවුල්වල ආරක්ෂාවත් එකසේ සලකා බැලිය යුතුයි.

:       148       269

Raveendra Tuesday, 30 June 2020 11:11 AM

පමාවී හෝ ගත් මෙම තීරණය අප අගයන්නෙමු.. එලෙසම වතු ආශ්‍රිත ජනතාව විශේෂයෙන් මෙම සතුන්ගේ වටිනාකම දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් යම්තාක් දුරට මෙම අපරාධය වළක්වා ගත හැකිවේ යැයි අපගේ විශ්වාසයයි..

:       0       25

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 30 June 2020 11:51 AM

මදු ගලවන අයගේ අතේ ඇඟිලිවලට මුදු (රන්) දාන්න ඕනේ...

:       0       8

saman Tuesday, 30 June 2020 12:11 PM

කලු කොටියා හරිම දුකයි. අපේ හාමුදුරුවන්ට බාරදෙමු වනසතුන් ටික බලාගන්න. අපේම වනසතුන් වෙන කොහෙන් හොයන්නද?

:       0       34

Akila Tuesday, 30 June 2020 01:02 PM

මදු ගලවනවා වගේම ඕවා අටවන අයව අල්ලගන්නත් ගම්වැසියන්ගේම සහාය ඇතිව තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් සකස් කරන්න.. නැත්නම් ඔය මස් වැද්දන් ඕක අායේ පටන් ගනීවි...

:       0       72

Jeppo Wednesday, 01 July 2020 03:37 AM

කොටි මස් කන්නේ නැති වුණත් ඔවුන්ගේ නිය ඉතා වටිනවා. මදු ගැලවීමට පෙර මින් යැපෙන්නන් ගැන සලකා බැලිය යුතුව ඇත. දුප්පතාගේ මදු නොගලවනු...

:       73       106

sam Wednesday, 01 July 2020 05:57 AM

පරක්කු වෙලා හරි හොඳ වැඩක්.. මිනිස්සුන්ගේ ආරක්ෂාවට තනිව නොසිට හැකි තරමේ දෙදෙනෙකුවත් සිටියොත් මේ සතුන් එන්නේ නැහැ.

:       0       5

ranjith Thursday, 02 July 2020 05:40 AM

සිංහල කියන්නේ මේ ලෝකයේ ඉන්න ඉරිසියාකාර ජාතියක්...

:       112       58

janatha UAEThursday, 09 July 2020 09:03 AM

එලෙසම කන්නේ බොන්නේ නැතිව හරි ඔක්කොම බැංකුවේ දාන්න බලන ජාතියක් දැකබලා ගන්න ඩුබායි එන්න.

:       0       0

පූජා Thursday, 02 July 2020 07:16 AM

ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්. විටෙක සතුටෙන් ඉපිල යන සිත්, විටෙක කඩා වැටෙන්න යන්නේ නිමේෂයයි. මෙය තේරෙන්නේ සිත ඉතාමත් දියුණු තත්වයකට පත් වූ කෙනෙකුට පමණයි කියලයි මට හිතෙන්නේ. එතකම් අපි මේ සංසාර ගමනේ තැවිතැවී, පෙලිපෙලී නොනවතින ගමනක නිරත වන්නෙමු..

:       0       113

බද්රානි Thursday, 02 July 2020 08:23 PM

සත්තයි මට ඒ වගේ.. හුරතල් වෙන්නයි ඕනේ.. උපදින භවයක් ගානේ.. කොටියෙක් වෙන්නයි ඕනේ...

:       230       2

පූජා Saturday, 04 July 2020 12:41 AM

ඇනුම්පද කියමින් කාලය ගත කරමි. මා ඇනුම්පද කියන්නේ.

:       0       0

janahitha Thursday, 09 July 2020 09:05 AM

ලොකු මහත්තයා වගේ අහිංසක විදිහට බලාගෙන ඉන්නවා. නමුත් මරාගෙන කන වෙලාව කියන්නේ නැහැ... ආප්ප, ඉඳිආප්ප එහෙම කන්න පුළුවන්ද දන්නේ නැහැ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4732 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 109 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 113 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 165 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 882 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 275 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 263 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site