IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දැව ජාවාරම්කරුවෝ සෙබළුන් දෙදෙනකු අනතුරට ලක්කර පළා යති

(රොමේෂ් මධුෂංඛ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වව්නියාව ඕමන්ත යුදහමුදා මාර්ග බාධකයකදී අණනොතකා ධාවනය වූ කැබ් රථයක් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුද අනතුරට ලක් කර  පලා ගොස් ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ පිහිටා ඇති යුදහමුදා මාර්ග බාධකයකදී ඊයේ සවස යුද හමුදා සෙබලුන් විසින් සැකකටයුතු කැබ් රථයක් නැවත්වීමට ගත් උත්සහයකදී යුදහමුදා සෙබලුන් දෙදෙනාද අනතුරට ලක්කොට පලා ගොස් ඇත.

 පසුව යුද හමුදා සෙබලුන් විසින් කැබ් රථය පසුපස ලුහුබැඳීමෙන් අනතුරුව කැබ් රථයද මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වී තිබියදී සොයාගෙන ඇතිඅතර සැකකරුවන් පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

එහිදී කැබ් රථයේ ගැටීම හේතුවෙන් රාජකාරියේ නිරත යුදහමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

කැබ් රථය පරික්ෂා කිරීමේදී කැබ් රථයේ බුරුත දැව තොගයක් පටවා තිබි ඇති අතර අදාල දැව තොගය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කිරීම හේතුවෙන් මෙලෙස නොනවත්වා ධාවනය කොට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඕමන්ත පොලීසිය මේ වන විට පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

 



අදහස් (4)

දැව ජාවාරම්කරුවෝ සෙබළුන් දෙදෙනකු අනතුරට ලක්කර පළා යති

rathgama Sunday, 18 April 2021 07:38 AM

දියුණු රටවල නම් පොලිස් කණ්ඩායම් 03ක්, මාර්ග බාධක ස්ථාන 3ක් පිහිටුවලා තමයි මෙවැනි මාර්ග බාධක පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නේ.. ඇයි අපේ නිලධාරීන්ට මෙවැනි උපායශීලී පරීක්ෂණ පවත්වන්න බැරි?

:       0       25

සේනක~ඉතාලිය Sunday, 18 April 2021 11:01 AM

අණනොතකා රිය ධාවනය කරනවා නම් බරපතල වරදක්නේ... හමුදාව ආයුධ සන්නද්ධව නම් ඉන්නේ ඇයි වෙඩි තිබ්බේ නැත්තේ? එහෙම සැරයක් දෙසැරයක් වුණානම් ඔය මගමරුවන් ඔච්චර සෙල්ලම් දාන්නේ නැහැ. එහෙනම් ඔය සෙබළුන් දෙන්න තුවාල ලබන්නේ නැහැ. පහුගිය දවස්වල වෙච්ච දෙවල් බැලුවාම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ව කීදෙනෙක් යටකරගෙන ගිහිල්ලා ඝාතනය කළාද?. මේ වැනි දෙවල් තවත් ඉස්සරහට නොකරන්න වගබලාගත යුතුයි. නැත්නම් මේ මගමරුවන් දේශපාලන කාලකන්නින් එක්ක කරගෙන යන වැඩ නිසා මහමග ඉන්න ආරක්ෂක සෙබළුන් තවත් ඝාතනය වෙයි...

:       0       36

rathgamaSunday, 18 April 2021 11:25 AM

මෙව්වා කරන්නේ දේශපාලකයෝ සහ ඔවුන්ගේ ඇම්බැට්ටයෝ. ඒක නිසා පලායාමේදී වෙඩිතැබීම සීමාකරලයි තියෙන්නේ..

:       0       17

prabha Sunday, 18 April 2021 12:58 PM

වෙඩි තිබ්බොත් වෙන්නේ මානව හිමිකම් කඩකළා කියලා හිරේ ලගින්නයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 109 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1150 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 324 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 782 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site