(විනීතා එම් ගමගේ)
දේශපාලනිකව අනාවරණය වී ඇති පුද්ගලයින් පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සකස්කළ අන්තර් ජාලීය තොරතුරු ලේඛනය අද (26) දියත් කරනු ලැබීය.
www.peps.lk වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු ලේඛනයට පිවිසිය හැකිය.
මෙරට දේශපාලනයේ සංකිර්ණතා පිළිබිඹු කරන වැදගත් මෙවලමක් ලෙස මෙම ලේඛනය භාවිතාවනු ඇතැයි තම ආයතනය විශ්වාස කරන්නේ යැයි නිපෝන් හෝටලයේ අද (26) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර මහේෂි හේරත් මහත්මිය පැවසුවාය.
දේශපාලනිකව අනාවරණය වූ පුද්ගලයෙක් යන්න මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් නිර්වචනය කර ඇත්තේ රටේ ප්‍රමුඛතම මහජන කාර්යයන් භාරදී ඇති පුද්ගලයෙක් ලෙසින් යැයි කී හේරත් මහත්මිය ඔවුන් හොබවන තනතුරු හා ඔවුන්ට සිදුකළ යැකි බලපෑම හේතුවෙන් බොහොමයක් දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයන්ගේ තනතුරු දූෂණය හා මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියාවන් සඳහා අවභාවිතා වීමේ නැඹුරුතාවයක් පවතින බව හඳුනාගෙන ඇතැයි ද කීවාය.
මෙම දත්ත ලේඛනයේ පුද්ගලයින් හා ආයතන 2323 කගේ තොරතුරු ඇතුළත් වන අතර දේශපානඥයින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, හමුදා නිලධාරින් විනිසුරුවන් හා රාජ්‍ය ව්‍යවසායන්හි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරින් ද ඒ අතර වන බව ද ඇය කීවාය.
කෙසේ වෙතත් මෙම දත්ත ගබඩාවෙන් අදහස් වන්නේ එහි සියලු දෙනා වැරදි ක්‍රියාවන්හි නිරත වන බව නොවන්නේ යැයි ද ඔවුන් ප්‍රමුඛ රාජ්‍ය සේවයේ පිළිඹිබුවක් වන බව යැයි පැවසූ ඇය මෙහිදී මහජනතාවට ඔවුන් පිළිබඳ දැඩි අධීක්ෂණයක් සිදුකිරීමට හැකියාව ඇති බව ද සඳහන් කළාය.
මෙම තොරතුරු ජනතාව හමුවේ තැබුවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළ ඉල්ලුම්පත් 88 ක් යොමුකිරීම හරහා ලබාගත් තොරතුරු මගින් වන අතර රාජ්‍ය ව්‍යවසායයන් ජාලය හඳුනා සිතියම් ගතකර ඒවායේ විධායක නිලධාරින් සහ උපව්‍යුහයන් හඳුනාගන්නා එකම දත්ත ගබඩාවද මෙය වන බව ද හේරත් මහත්මිය කීවාය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනි ලක්ෂ්මී ජයශංඛර් මහත්මිය ද මෙහි දී අදහස් දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයින් ගැන වෙබ් අඩවියක්
Mahee Tuesday, 26 November 2019 02:57 PM
දේශපාලුවන්, රජයේ නිලධාරීන් සමග රටක් හරි පාරේ යවන්න ජනතාව වන අපට ලැබෙන ඉතාම හොඳ අවියක් මේක. ට්‍රාන්ස්පේරන්සි ආයතනයට බොහොම ස්තුතියි!
Sam Tuesday, 26 November 2019 06:03 PM
මම මේ දැන් වෙබ් ලින්ක් එකට ගිහින් බැලුවා. ඒකේ ඇති දෙයක් නෑ මේ කියන තරම්. ඊට වැඩ විස්තර තියෙන wikipedia වෙබ් අඩවියේ. තවත් සුදු අලියෙක් වගේ