IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


දේශපාලන අර්බුදයට මැදිහත් නොවී රාජකාරි කරන්න

(නිමල කොඩිතුවක්කු)

රටේ පවතින දේශපාලන අර්බුදයට මැදිහත් නොවී කිසිඳු ගැටලුවකින් තොරව රාජකාරි කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සියලූම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය.

රාජ්‍ය නිලධාරීන් සතු වගකීම  ජනාධිපතිවරයා ලෙස තමන් භාර ගන්නා බවත්  රට වෙනුවෙන් රාජ්‍ය සේවකයන් සතු වගකීම හරියට ඉටුකරන ලෙසට දැනුම් දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමෘද්ධි නිලධාරින් 7000ක් සඳහා ස්ථීර පත්විම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ සුගතදාස ක‍්‍රීඩංගනයේදී අද (30) එක්වෙමිණි.    

එහිදි වැඩිදුරටත් අදහසු දැක්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.

   ‘‘මේ දිනවල විශේෂයෙන්ම අමාත්‍යාංශ කටයුතුවලදී සහ රජයේ නිලධාරින්ගේ කටයුතු පිලිබඳ විවිධ අදහස් පල වෙනවා.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ආණ්ඩුවේ ප‍්‍රධානියා විදියට කුමන ආකාරයේ දේශපාලන නොසංසුන් තත්වයක් තිබුණත්  මේ රට අස්ථාවර වෙන්න දෙන්න පුලූවන් කමක් නැහැ. රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු සිදුවිය යුතුයි. රජයේ සියලූම නිලධාරින් සිය වගකිම් ඉටුකළ යුතුයි.

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසිනුයි. අමාත්‍යාංශ  ලේකම්වරුන්ට මම පසුගිය සතියෙත් ගෙනල්ලා මේ ගැන උපදෙස් දුන්නා.

ඒ නිසා අමාත්‍යාංශවල කටයුතු සිය කාර්ය මන්ඩල සමඟ කිසිදු බලපෑමකින් තොරව ඉටුකිරීමට රාජ්‍ය නිලධාරින් බැඳී සිටිනවා.

දේශපාලන ආරවුල අපි බේර ගන්නම්. රාජ්‍ය නිලධාරීන් සතු වගකීම  ජනාධිපතිවරයා විදිහට මම බාර ගන්නම්. ඒ නිසා ඔබේ වගකිම ඔබ හරියට ඉටුකරන්න කියලා මම කියනවා.

පොදුවේ රටේ සේවාවන් අඩාල නොකර ඉතා වගකීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලිම මේ රටේ සමස්ථ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා’ යැයි ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා 

 



අදහස් (14)

දේශපාලන අර්බුදයට මැදිහත් නොවී රාජකාරි කරන්න

sg Friday, 30 November 2018 05:43 PM

එකතුවෙලා වැඩ කරීම හොඳයි වගේම විශ්වාසය පලුදු නොකර ගැනීමත් එයිට වඩා වැදගත්...

:       0       0

herath Friday, 30 November 2018 06:04 PM

සිරිසේන... සිරිසේන...කෝ මේ සිරිසේන? ආ මට වැරදුණා.. මේ ළඟ ඉන්නේ. මගේ දෙවියා...

:       0       0

ase Saturday, 01 December 2018 02:29 AM

ජනාධිපතිගේ මේ ක්‍රියා කලාපයෙන් පෙනෙන්නේ එදා කියපු දේ කරන්න යන වගනේ? "මම යන්නේ රටම ගිනි තියලා" බලෙන් මහින්දත් සමග රට විනාශ කරන්න නේද මේ?

:       0       0

Nishanath Saturday, 01 December 2018 04:03 AM

වලකට තල්ලුකර අප හැම මේ විලසා... විදිනට නොයෙක් කරදර අද ඉඩ සලසා... වලදා සර්වජන අයිතිය බලයෙන් කෙලෙසා... කුමන ඵලක් දෝ මේ වැනි හිස් බස් පවසා....

:       0       38

chamath Saturday, 01 December 2018 05:55 AM

ජයවේවා ඇමතිතුමා !!!

:       0       0

නිමල Saturday, 01 December 2018 06:51 AM

හෙනම ගහන්න ඕනේ... මෙහෙම කරනවට

:       0       48

janis Saturday, 01 December 2018 07:54 AM

රටේ පවතින දේශපාලන අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිය යුත්තේ මේ තුන්දෙනයි.

:       149       1129

dias Saturday, 01 December 2018 08:02 AM

අපි සියල්ලම පුරවැසියන් වෙමු. රටේ මුල් පුරවැසියා වරදක් කරනවා නම් එය නිවැරදි කිරීමට ඉදිරිපත් වීම ඔබ හැමගේම යුතුකමක්...

:       100       208

Rata Perata Saturday, 01 December 2018 08:37 AM

සාමාන්‍යයෙන් මිනිස්සු මොලේ අමාරු තියෙන අය කියන ඒවා අහනවා අඩුයි.

:       0       40

Hafeel Saturday, 01 December 2018 10:59 AM

මේ පින්තූර ටික බලනකොට මට මතක් වෙන්නේ "සිරිසේන, කෝ මේ සිරිසේන" කියන කාලතුවක්කු හඬ... ලැජ්ජයි...

:       0       14

chamath Saturday, 01 December 2018 03:37 PM

ඩයස් ඔබ තුමා හරියට බබෙක් වගේ වැරදි කලේ මේ අයද හිටපු අගමැති නේද?

:       0       1

Chanak Los sngrles Saturday, 01 December 2018 05:02 PM

‘‘කෝ මේ සිරිසේන ...මහින්ද 8 වෙනිදා දිනුවට පසුව තොලින්චි වෙලා යන තැනකට පලයන් සිරිසේන‘‘ .. මේවා අමතක නොකර ජනතාව බුද්ධිමත්ව කටයුතු කරයි කියා හිතමි .

:       0       3

Rohana Sunday, 02 December 2018 01:48 AM

නිලධාරීන්ගේ ක්‍රියාවලියේදී ජනාධිපති කිව්වා කියල බේරෙන්න ලැබෙයිද ? මෙම කරණය නීතිය පිළිගන්නේ නැහැ. එවිට සිදුවන්නේ අදාල නිලධාරියා නීතියෙන් දඬුවම් ලැබීමයි...

:       0       1

Rata Perata Sunday, 02 December 2018 08:05 AM

ඔක්කොම ප්‍රශ්න ඇති කරලා දැන් බයිලා කියනවා. මොන ආණ්ඩුවක් ආවත් ඉස්සරවෙලාම මෙයා ගෙදර යවලා ඉන්න ඕනෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 27 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 426 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 599 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 782 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 182 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 224 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site