IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දේශීය දේ රැක ගන්න පාරම්පරික වෛද්‍ය සභාව ආදිවාසීන් සමග එක් වෙයි

(චාන්දනී දිසානායක)

ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව මෙරට ආදිවාසීන් සමග එක්ව දේශීය වී වගා කිරීම ඇතුළු දේශීය අනන්‍යතා රැසක් සුරක්ෂිත කිරීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් එකඟතාවය පළ කළේය.

කොවිඩ් වසංගතය සමග ඇතිවුණු සෞඛ්‍යමය ගැටලු සහ ආහාරමය ගැටළුවලදී දේශීය ආහාර වර්ගවල සහ ඖෂධවල වටිනාකම තහවුරු කරමින් මෙම පාර්ශවයන් ඉදිරි කටයුතු මහියංගණය දඹාන ආදිවාසීන් සමග සිදු කිරීමට මෙහිදී කතිකා කර ගත්හ.

ඒ අනුව කළු හීනැටි, කුරුලුතුඩ, ඇතුළු දේශීය වී වර්ග වගා කරන ආදිවාසීන් සඳහා ඔවුන්ගේ වියදම වෛද්‍ය සභාව හරහා යොමු කිරීමටත්, අස්වනු මිලදී ගැනීමත් මෙහි මූලික අරමුණ විය. ඊට අමතරව, දේශීය සටන් ක්‍රම ප්‍රවර්ධනය, හෙල වෙදකම ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික අංග ජාත්‍යන්තරය දක්වා රැගෙන යාම ඇතුළු කරුණු ගණනාවක් මූලික කරගෙන මෙම අකටයුතු කටයුතු ඉදිරියට සිදුවන බව පරම්පරික වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම් දුන්හ.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ කියා සිටියේ, "වසර 73 ක කාලයක් පුරාවට මෙරට පාලනය කළ පාලකයන්ට දේශීය අනන්‍යතාවය ආරක්ෂා කිරීමට නොහැකි වීම හේතුවෙන් අපේ රටේ අනන්‍යතා රැසක් විනාශයට ලක්වී ඇති බවයි. අපේ රටේ සතා සිවුපාවා ගහකොළ විනාශ කරන තැනට රසායිනික පොහොර මෙරටට ගෙන්වා පස නිසරු කිරීමත්, බටහිර බෙහෙත් සහ ආහාරවලින් මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය විනාශ කළ බවත්, ආදිවාසී නායක ඇත්තන් මෙහිදී සඳහන් කළේය.

අද වන විට පිටරටින් හැමදේම ආනයනය කරනවා විතරක් නෙවෙයි, මේ රටේ තිබුණු සංස්කෘතිය විනාස කරන නාට්‍ය සහ ගීත රූපවාහිනියට ආවට පස්සෙ සංස්කෘතිය විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුල් පවා ගෙන්වන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ සියල්ලටම දේශපාලකයන් වගකිව යුතුයි යැයි ආදිවාසී නායකයා පැවැසීය. 



අදහස් (6)

දේශීය දේ රැක ගන්න පාරම්පරික වෛද්‍ය සභාව ආදිවාසීන් සමග එක් වෙයි

69lakshaya Wednesday, 29 September 2021 12:09 AM

ඔය ආදී කාලේ ක්‍රියා, දැන් නූතන කාලේ දේශීය දේවල් චීනෙට විකුණන කාලේ

:       3       4

සුනිමල් Wednesday, 29 September 2021 06:12 AM

කොරෝනා රැල්ල උපයෝගී කරගෙන ඇතැම් අවස්ථාවාදීන් කීයක් හරි හොයාගන්න බලනවා. තැන තැන හෙල වෙද රෝහල් හදනවා කියලා සමාජයේ විවිධ මිනිසුන්ගෙන් මුදල් ගරනවා. යූටියුබ්, ටියුෂන් ගුරුවරු විතරක් නොවේ වැදිනායකයා පවා රැවටෙන්න ඉඩ තියෙනවා..

:       0       0

මහජන මුදල් කපටිකමින් සූරාගන්න එපා ! Wednesday, 29 September 2021 10:25 AM

බොරු වැඩ මෙව්වා. මේ වගේ ෆොටෝ දැම්මම මිනිස්සු අන්දවන්න ලේසියි.

:       1       1

Pradeep Wednesday, 29 September 2021 10:40 AM

ආදිවාසී නායකයාට වැටහෙන මේ සත්‍යය අපගේ පාලකයින්ට සහ නිලධාරීන්ට නොවැටහෙන අරුමය..

:       1       1

Sriland Wednesday, 29 September 2021 12:07 PM

රටේ මහජනතාවගේ මුදල් ඔක්කොම පිටරටට දීලා තිබෙන එන්නත් ඔක්කොම ගෙනැල්ලා, දැන් මුලට යනවා දේශීය මතක්වෙලා..

:       0       0

sam Wednesday, 29 September 2021 01:20 PM

වන්නිලැ ඇත්තන්ට තියෙන මොලේ සහ උගත්කම මේ දේශපාලුවන්ට නැහැ. උන් බලන්නෙම කොහෙන්ද කොමිස් ගහලා ඔවුන්ගේ බැංකු ගිණුම් පුරවාගන්නේ කියලා විතරයි. එදත් එහෙමයි... තවමත් එහෙමයි. මේ 225ම පන්නලා දැම්ම දවසට මේ රට හැදෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 608 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1727 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site