(ඩයනා උදයංගනී)
දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාහතගේ ප්‍රධානත්වයෙන් අද (30) ආරම්භ විය.
මේ යටතේ මොණරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, රත්නපුරය, වවුනියාව, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි දුෂ්කර ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම ගිහි - පැවිදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කෙරෙන අතර දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3කි.
මෙහි සමාරම්භය සනිටුහන් කරමින් සංකේතාත්මකව ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (30) පෙරවරුවේ අරලියගහ මැදුරේ දී සිදුකෙරිණි.
මූලික පිරිවෙන් අවසාන පරික්ෂණයෙන් සහ ප්‍රාචීන ප්‍රාරාම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසිනමකට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය ද මෙහිදී සිදු විය.
මෙම වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 12ක සෞන්දර්යය උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කෙරේ.
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ www.piriven.gov.lk නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.
පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමි, බලංගොඩ සෝභිත හිමි, නාරම්පනාවේ ආනන්ද හිමි, ආචාර්ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සුසිල් ප්‍රේමජයන්ත්, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍ය භික්ෂූන්ට ශිෂ්‍යත්ව හා අධ්‍යාපන උපකරණ
siri Friday, 30 July 2021 06:59 PM
ඉස්සර පාසල් දරුවන්ට නොමිලේ ටැබ් පරිගණක දෙන්නට හදන විට "ප්‍රමිතියකින් තොර පරිගණක දීලා ළමයින්ට පිළිකා හදන්න උත්සාහ කරනවෝ "කියලා කෑ ගහපු කට්ටියම නේද දැන් ඒ වැඩේම කරන්නේ?
දිලාන් Saturday, 31 July 2021 01:03 AM
එකෙත් හැටි, හොද දෙයකට හොදයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ අපේ ජාතියේම වරදක් වෙන්න ඇති
සුනිමල් රත්නායක Saturday, 31 July 2021 07:32 AM
මෛත්‍රිපාල ජනාධිපතිතුමන් අකරවිට නගරයේ දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් ලක්ෂ 10 බැගින් ලබාදුන්නා. ඒත් ඒ චෙක්පත තිබෙන්නේ තමන්ගේ නමටයි කියලා විහාරාධිපති ස්වාමීන්වහන්සේලා ඒ මුදල් දහම් පාසල් සංවර්ධන සමිතියට හෝ දායක සභාවට ලබාදෙන්නේ නෑ. දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා... දහම් පාසල් ගොඩනැඟිලි හැදෙන්නෙත් නෑ.. රජයෙන් දුන්නු සල්ලි වලට වුණු දෙයකුත් නෑ.
ලලීත් එම්Saturday, 31 July 2021 01:48 PM
චීවරධාරීන් වැඩිදෙනෙක් අන්ත ආත්මාර්ථකාමී තම සුඛවිහරණය පමණක්ම සඳහා පන්සල්වල ධනය යොදා ගන්නන්. සල්ලි දෙන්න ඕන දායක සභාවලට...