(මනුල වික්‍රම)
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඇතුළු විවිධ දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට මිරිසවැටිය විහාරාධිකාරී හා රජරටව විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ අද (19) පාපැදි පරිත්‍යාග කළහ. මෙම සිසු සිසුවියන් තෝරාගෙන තිබුණේ අනුරාධපුර නගරයට බොහෝ දුර දුෂ්කර පළාත්වලිනි.
විශ්ව විද්‍යාලයක කුලපති ධුරය දරන කෙනෙකු සිය විශ්ව විද්‍යාලයේ සිසුන් උදෙසා ප්‍රථම වරට මෙවැනි සුබසාධක කටයුත්තක් දියත් කිරීම මෙහි විශේෂත්වයයි.
කොළඹ ප්‍රදේශයේ සැදැහැවතුන් පිරිසක් වන සාලිය නවරත්න පවුලේ පිරිස හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ පවුලේ පිරිස ඇතුළු කණ්ඩායමක් මේ සඳහා අනුග්‍රහය ලබාදෙමින් එක්වූහ. රුපියල් 30000කට ආසන්න වටිනාකමකින් යුතු පාපැදි 15ක් පරිත්‍යාගයට ඇතුළත් වූ අතර මෙම දරුවන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මෙම දානය සිදු කෙරිණි. ඊට සමගාමීව මහ සඟරුවන උදෙසා දහවල් දානමය පිංකමක් ද එහිදි සිදුකෙරිණි.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දුෂ්කර පළාත්වල සරසවි සිසුන් 15 කට පාපැදි
Champa Saturday, 19 September 2020 01:47 PM
ඉතාම ඉහළින් අගය කළයුතු හොඳ කටයුත්තක්..!
Prabha Saturday, 19 September 2020 06:02 PM
අගය කළයුතු වැඩක්... දරුවනි, රටේ වගකිවයුතු තැනකට ආව දවසක මුල අමතක නොකර රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න හිතට ගන්න. ඔබ සැමට සුබ අනාගතයක්..!!!
Ananda Saturday, 19 September 2020 06:54 PM
අපේ නායක ස්වාමීන්වහන්සේ ඉතාමත් දානපතියෙක්... මට මතකයි සුනාමියට පසුව අනුරාධපුර වෙළඳ සංගමයේ අාධාර අැතිව ලොරි 15ක පමණ ආහාරපාන සහ අත්‍යාවශ්‍ය දේවල් අරගෙන ත්‍රිකුණාමලයට ගෙන ගිය ගමන... එම ගමනට මගේ සමන් මල්ලිත්, මගෙ පුතාත් සහභාගි වුණු අවස්ථාවේදී දුටුව දේ උන්වහන්සේගේ තියන ශක්තිය සහ දිරිය. ඔබවහන්සේට මෙවැනි සමාජ මෙහෙයයන් කිරීමට ධෛර්යය, ශක්තිය ලැබේවා...!!!
kamal Sunday, 20 September 2020 02:37 AM
දැන්ම ඉඳලා පිනට දීලා මේගොල්ලන්ව වහල්කමට පුරුදු කරගැනීම ඉතාමත්ම හොඳයි. එතකොට මේගොල්ලන් ලවා කතිර ගහගෙන අපේ බයියලාට බයිසිකලි නොවේ.., පැජරෝ වුණත් ගත හැකි...
Shanuka Sunday, 20 September 2020 03:00 AM
ඉතාම හොඳ කටයුත්තක්... දායකවුණු සියලු දෙනාටම පිං සිදුවේවා...! අනේ වරදවා තේරුම් ගන්නේ නැතුව තව පොඩ්ඩක් හිතන්න තිබුණා. මේ ළමයි ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉන්න හැටි දැක්කාම. මෙයාලත් රටේ පුරවැසියෝ වෙන්න ඉන්න තරුණ ළමයි, දුපත් කියලා ඔවුන්ගේ ආත්ම අභිමානය නැති කරන්න හොඳ නැත. මෙයාලා කවදා හරි, රටේ හොඳ වගකීම් දරන පුද්ගලයින් වේවි.. ඒක නිසා. ෆොටෝ නොගහ, අප්‍රසිද්ධියේ මේවා බෙදලා දුන්නම මේක තවත් හොඳයි නේද?
sharm warn Monday, 21 September 2020 04:28 AM
බොහොම උසස් පුන්‍යකර්මයක්.