IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


“දූෂණ වංචා සෙවීම වෙනුවට පණිවිඩකරු දඩයම් කිරීම අනුමත කරන්නේ නෑ’’

(ඩයනා උදයංගනී)

දූෂණයක් වංචාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව සොයා වැරදි කළ අයට දඬුවම් කිරීම වෙනුවට පණිවුඩකරුවන් දඩයම් කරන්නාක් මෙන්  දූෂණ හෙළිකළ මාධ්‍යවේදීන්ට හිරිහැර කරන්නටයාම අනුමත කළ නොහැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට හිරිහැර කරන ආණ්ඩුවක් නොවන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම, මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබියදීත් එහි නිලධාරීන් ලංකාදීප පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක් බව ද ඇමතිවරයා කීවේය.

එබැවින් ඒ සම්බන්ධයෙන් මෙන්ම හෙළිවී ඇති දූෂණ වංචා පිළිබඳව ද පරීක්‍ෂණ කර වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (30) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 



අදහස් (11)

“දූෂණ වංචා සෙවීම වෙනුවට පණිවිඩකරු දඩයම් කිරීම අනුමත කරන්නේ නෑ’’

fairoos Thursday, 30 September 2021 06:39 PM

හා... අපිද කරගන්න ඕනේ ඕක..? ආණ්ඩුවක් ඕනෑ එහෙනම්...

:       1       0

BamunuarachchiFriday, 01 October 2021 06:29 PM

ඕක කරන්නේ අපරාද පරීක්ෂණ දෙපාර්මේන්තුව. ආණඩුව කාගේද කියන සී අයි ඩී අදාළ නැහැ. සී.අයි.ඩී එකේ වගකීම ඕනෑම රජයක් අපහසුතාවයකට පත්කරන කතා ඇත්තද කියලා සොයා බලන එක... එහෙම ගෙන්වලා කතාකරලා මාධ්‍ය නිවැරැදිනම් කණගාටුයි කියලා යවනවා. ගිය ආණ්ඩුව කාලේ ත්‍රස්තයින් බේරාගෙන ගිය ගොයියන් දැන් ඔන්න රිමාන්ඩ් එකේ ලගිනවා. අන්න සී.අයි.ඩී එකට ගොයියන් ඇඟිලි ගහපු කාලේ...

:       0       0

wahaldeepe Thursday, 30 September 2021 07:22 PM

පුදුමයි.. මොකක්ද දන්නේ නැහැ යටි අරමුණ ..?

:       0       0

Nirmal Thursday, 30 September 2021 09:22 PM

පිටරට අය ඇවිත් මේ කරන අත්අඩංගුවට ගැනීම් අපිත් අනුමත කරන්නේ නෑ...

:       1       0

දාස Friday, 01 October 2021 05:20 AM

මේ ඔක්කොම උඩින් මිනිසුන්ට පේන්න යටින් පනිවිඩ කාරය මෙල්ල කරන වැඩේ තමයි කෙරෙන්නෙ, බොරු ටෝක්ස් දෙන්න එපා ලමයො.

:       1       1

Bamunuarachchi Friday, 01 October 2021 07:46 AM

මේක දඩයම් කිරීමක් නොවෙයි කිව්වේ ඇත්තද කියලා සවිස්තරව දන ගැනීමක්. නැතිනම් ඕනෙම බොරුවල් ලියලා කුමන හෝ රජයක් අපහසු තත්වයකට පත් කිරීමට පුළුවන්.

:       2       2

sachith Friday, 01 October 2021 08:38 AM

හොද දෙයක් හැබැයි කියන කෙනා තමා අවුල

:       0       1

Sunil Friday, 01 October 2021 09:29 AM

එය කරන්න ඇත්තේ පාලකයන්ගේ අනුදැනුම පිටයි.

:       0       0

Perera Friday, 01 October 2021 11:08 AM

අප්පේ.. හැබෑට? පුරාවිද්‍යා ගොඩනැගිලි ඩෝසර් කරන ඒවා නම් අනුමත කරනවා නේ... අනේ නිකන් යන්න.

:       0       2

nimelen Friday, 01 October 2021 12:17 PM

දෙමල හිරකරුවන් නඩු දාලා..දැන් කියාපල්ලා දෙමල හිරකරුවන් බොරු කියන්නේ..ලන්කාවෙ ප්‍රතිරූපය වට්ටන්න කියන බොරු කියලා...ඔව්වා පිලිගන්නේ කොන්ඩේ බැඳපු චීන්නු විතරයි

:       0       1

BamunuarachchiFriday, 01 October 2021 06:18 PM

ඇයි අමුඩ ගහපු ප්‍රභාකරන් පිළිගන්නේ නැද්ද..?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 66 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 326 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 396 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 42 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2513 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1570 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site