(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් ඇමැති අර්ජුන රණතුංග මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පළකර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවැති කැබිනට් රැස්වීමේදී අර්ජුන රණතුංග ඇමැතිවරයා ජනාධිපතිවරයාට ස්තූතිය පළකළ බව රජයේ ආරංචි මාර්ග කියයි.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති කබීර් හෂීම් මහතා ඉකුත් රජය සමයේ සිදුවී ඇති දූෂණ වංචා පිළිබඳව සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සිද්ධි 34කට අදාළ පරීක්ෂණ නිමකර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් නඩු පවරා නැතැයි සඳහන් කර ඇත.
ඊට පිළිතුරු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් නඩු පැවැරීම් කටයුතු සිදුකළ ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවද ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එහිදී අදහස් දක්වා ඇති අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ අද (22) පැවැත්වීමට නියමිතව තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන චෝදනා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ වහාම අදාළ නඩු පැවැරීම කිරීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දූෂණ හොයන කොමිසම පත් කළාට අර්ජුනගෙන් ජනපතිට තුති
ගල්කටස් Tuesday, 22 January 2019 10:30 PM
දූෂණය සොයා ගන්න පත් කලාට එවායින් කිසි ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ නීතිය තදින්ම නැමෙන නිසා
rocky Wednesday, 23 January 2019 01:42 AM
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු එක දූෂණයක් හැටියට ගැනෙන්නේ නැද්ද?
sena Wednesday, 23 January 2019 04:51 AM
ඉස්සරහට තියෙන චන්ද වේදිකාවේදී කියන්න දේවල් හොයනවා ඊට වඩා දෙයක් මෙතන නැහැ
pathirana Wednesday, 23 January 2019 05:05 AM
පෙන්සන් එක අරගෙන නිදහසේ ඉන්න තිබිච්ච කාලේ උසාවි ගානේ රස්තියාදු වෙන්න හදනවා වගෙය් මට පෙන්නේ - මොකද ජනාධිපති තුමාගේ යටතේත් අමාත්යන්ස තුනකුය් ආයතන ගනනාවකුය් තියෙනවාලු