(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේදී සිදු වූ දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඡන්දය ප්‍රකාශ වූ නිවැරදි ආකාරය ගැන ජනතාව දැනුවත් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි .
පනත් කෙටුම්පතට ඡන්දය ලබාගෙන එය ගණනය කරන අවස්ථාවේදී කුමන හේතුවක් නිසා හෝ පනතට පක්ෂව ඡන්දය දුන් තමාගේත් ජයරත්න හේරත් මන්ත්‍රීවරයාගේත් ඡන්දය නිවැරදිව ගණනය වී නොතිබූ බවත් එය නිවැරැදිව ගණනය වූයේ නම් පනත් කෙටුම්පතට තුනෙන් දෙකක බහුතරයක් හිමිවන බවත් අධිකරණ ඇමැතිවරයා කියයි.
තමා ඡන්දය ගණනය කිරීමේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේ ඡන්දය නිවැරදිව පාවිච්චි කළ නමුත් කාරක සභා අවස්ථාවේදී පනතට සංශෝධන එකතු කිරීමට දැඩි අවධානයක සිටි හෙයින් ඡන්දය පාවිච්චි කිරීම රූපවාහිනී තිරයේ දිස් වූ ආකාරය නිරීක්ෂණය කිරීම අතපසු වූ බව ද පැවැසුවේය.
කෙසේ වෙතත් පනතට තුනෙන් දෙකක බහුතරයක් හිමිවූ බව මේ අනුව පැහැදිලි යැයිද කතානායකවරයා එම වරද නිවැරදි කර ජනතාවට කරුණු පැහැදිලි කර දෙනු ඇතැයි ද අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
කතානායකවරයා එම ඉල්ලීමට එකඟවූ බව අලි සබ්රි මහතා වැඩිදුරටත් කීවේය .
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දෝෂය නිවැරදි කරන්නැයි අලි සබ්‍රි කතානායකගෙන් ඉල්ලයි
parakkrama Saturday, 22 May 2021 09:54 AM
සබ්‍රිටත් වෙලා තියෙන්නේ එක්කෝ ගණිනකොට නින්ද ගිහින්.. නැතිනම් බිත්තර ගන්න කොට දෙකක් බිම අතහැරිලා...
Raveendra Saturday, 22 May 2021 10:09 AM
දෝෂ නිවැරැදි කිරීම පමණක් නොව කතානායකගේ වගකීම අඩු තරමින් එකේ සිට දෙසිය විසිපහ දක්වාවත් නිවැරදි ලෙස ගණන් කිරීමට බැරි "මොංගල් බූරුවන්ගේ වත ගොත, අධ්‍යාපන සුදුසුකම්" පුරවැසියන්ගේ දැනගැනුමට ප්‍රසිද්ධ කිරීම සුදුසුයි.
sena Saturday, 22 May 2021 10:43 AM
හැමදේම බකල් වෙන ආණ්ඩුවට මේක හරි යාවිද? ඕකට වරාය නගරය නොවේ "චීන නගරය" ලෙස නම් කරන්න. හම්බන්තොට සේරම හබස්..., නෙළුම් කුළුණ හබස්, කොරොනා පාලනය හබස්, පාස්කු හබස්, මහ බැංකුව කෝ හොරු? එකම දේ තමන්ගේ මිතුරු වලල්ල නඩු වලින් සර් පාස් කරලා...
Sri Lanka Saturday, 22 May 2021 11:36 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..
Kumara Saturday, 22 May 2021 02:00 PM
ඔබතුමාට ඡන්දෙ ඉවර වෙනකන් වේලාව තියෙනවා ඡන්දෙ වැටුණාද නැද්ද බලන්න.. වැටිලා නැතිනම් කථානායකතුමාට කියන්න තිබුණා ඒ වෙලාවේ එළියට ඇවිත් කියන්නේ නැතුව... නේද ඇමැතිතුමා...?
KooralageSunday, 23 May 2021 04:48 AM
මෙයා මහලොකු කෙරුමා වගේ කයිය ගැහුවට... මේ ආණ්ඩුවේ ඔක්කොම ෆේල්... බලමුකෝ ඊළඟ ඊන්දෙදී.. මේ කරන තක්කඩි වැඩ වලට පොලියත් එක්ක ගෙවන්න වෙයි.
Nuwangi Sunday, 23 May 2021 12:14 AM
දෝෂය නිවැරැදි කිරීමට පෙර ,.. කථානායක නිවැරැදි කළ යුතුයි. මේ වගේ පක්ෂග්‍රාහී නායකයෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේවත් දැක නැත.. මේ ආණ්ඩුව කොහොමත් නිවැරැදි කළ යුතුයි.
Daham Sunday, 23 May 2021 12:26 AM
මෙයා ඇත්තටම පක්ෂව ඡන්දය දුන්නාද දන්නේ දෙවියෝ තමයි.
Kumara Sunday, 23 May 2021 02:20 AM
අනේ ඉක්මණට මේක ගණන් කරලා හරිගස්සලා දීපල්ලා.. නැතිනම් මේ හොරිකඩයන්ට නින්ද යන එකක් නැහැ.