(ඩයනා උදයංගනී)
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව වෛද්‍යවරයා කීවේය.
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාවකට රට පත්ව ඇතැයි කී වෛද්‍යවරයා ඉදිරි සති කිහිපයේදී තවදුරටත් රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් පනවනු ලබන සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබෙන්න තවත් සති කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන් කළේය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බව කී ලේකම්වරයා එය ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද කීවේය.
ජනතා සහයෝගය නොමැතිව මෙම වසංගතය පාලනය කළ නොමැකි බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වසංගතය පැතිරයන දිස්ත්‍රික්කවල මෙන්ම රටේම ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළේය.
මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩාවට පත්වන අයුරින් රෝගීන් වැඩිවීම මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් අතර වසංගතය ව්‍යාප්තවීම සිදුවෙමින් ඇතැයි ද සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.
එම කාර්ය මණ්ඩලවලට මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමේ අවස්ථාව සැලසීමට නම් එන්නත්කරණයේදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මූලිකත්වය දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම්
upali Monday, 17 May 2021 03:15 PM
දැන්වත් හෙළ වෙදකමේ දොස්තරලාට අවස්ථාවක් දෙමුද? ලෙඩේ සනීප කරන්න..
JAYATH Wednesday, 19 May 2021 05:58 AM
ඔය ඊනියා හෙළ වෙදකමටවත් ආයුර්වේදයටවත් කවුරුවත් අවස්ථාවක් නොදුන්නේ නැහැ කියන්නේ වැල් බයිලාවක්... ඒ කතාව ඔවුන්ගේ නොහැකියාව වහගන්න කාලයක් තිස්සේ කියන බයිලයක්. ඕනෑතරම් අවස්ථා තියෙනවා... තිබුණාට ගත්තේ නැහැ. මොකද ගත්තොත් ඇනෙන බව දන්නවා.. මම ළඟ පැහැදිලි උදාහරණ තියනවා. කතාව දික් වෙන හින්දා ලියන්න බැහැ. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය ලෝකේ හැම රටකම ඔය විවිධ නම් වලින් එන වෙදකම් තියනවා. අඩුගණනේ මේක හදපු චීනේ පවා. මේ වෙනකොට ඔය එකෙකුට බැරිවුණා නොවැ අඩු ගණනේ මොන මල ඉලව්වක්වත් හදා ගන්න. බටහිර එන්නත් ඇරුණාම එහෙව් එකේ තවත් මොන කතාද?. ඉතින් දැන් වුණත් ප්‍රමාද නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට ඇවිල්ලා මේ ව්‍යවසනයෙන් ලෝක ජනතාව මුදාගන්න.
Rohana Wednesday, 19 May 2021 04:11 PM
වෛද්‍ය කාර්ය මණ්ඩලය කොතරම් කැපවීමෙන් වැඩ කලත් යුක්රේනයෙන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් නිසා රෝගය වේගයෙන් ව්‍යාප්තවුනා. වෛද්‍ය කාර්ය මණ්ඩයේ සහ ජනතාවගේ කැපවීම වතුරේගියා. නුවරඑලියේ වසන්ත සැනකෙලියත් රෝග ව්‍යාප්්‍තියට ප්‍රධාන හේතුවක්. දැන්වත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තොත් රෝගය පැතිරීම වැලැක්වීම අසීරු වෙනවා.