IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට

(විනීතා එම් ගමගේ)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුර ඔස්සේ ඇතිවූ කොවිඞ් 19 ආසාදිතයින් මේ වනවිට දිස්ත්‍රික් 16 කින්  වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, පොනේනරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මහනුවර, මාතලේ, කෑගල්ල, පුත්තලම, යාපනය, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ගම්මාන 116 කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයි ද උපුල් රෝහණ මහතා කීය.

මේ ආසාදිතයින් ඇසුරු කළ 3000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පිරිසක් ද ඒ අතර ඇතැයි කියා සිටියේය.

කෙසේ වෙතත් කොවිඞ් 19 රෝගය පැතිර යාමේ අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, මුහුණු ආවරණ පැළඳීම, දෑත් නිරන්තර පිරිසිදුව තබා ගැනීම සහ සෙනග ගැවසෙන ස්ථාන මඟහැර සිටීමත් අත්‍යවශ්‍ය යැයි ද ඔහු පෙන්වා දුන්නේය.  

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි
2024 ඔක්තෝබර් මස 18 3459 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණ


දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 17 4318 0

තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය


ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි
2024 ඔක්තෝබර් මස 17 1930 0

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූම



’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’
2024 ඔක්තෝබර් මස 16 6483 37

මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 2948 8

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site