(මහේෂ් කිර්තිරත්න)
නකලස් පාරිසරික ආරක්ෂණ කලාපයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 1600ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නකලස් පාරිසරික ආරක්ෂණ කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් මේ බව පැවසීය.
නක්ලස් සංරක්ෂණ කලාපයට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 31,000 ක් පමණ වන අතර එයින් හෙක්ටයාර් 15,000ක් මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන අතර ඉතිරිය මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේ.
නක්ලස් සංරක්ෂිත කලාපයේ මාතලේ පිටවල පතන ආශ්‍රිතව ඇති ගෝනමඩවත්ත නම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 1600ක ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.
මෙම පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමේදී අයිතිකරුවන් සොයා ගැනීමට අපහසු වීම, අයිතිකරුවන් ඉදිරිපත් නොවීම වැනි ගැටලු ද පවතින බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය.
ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්පත් කරගැනීමේ කටයුතු සිදු කරනු ලබයි. මේ වන විට ගෝනමඩවත්ත පෞද්ගලික ඉඩම් මිනුම් කටයුතු කර තක්සේරු කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතී. මෙම ඉඩම් පෞද්ගලික අයිතිය යටතේ පැවැතිය ද එම ඉඩම්වල සංවර්ධන කටයුතු සිදුකර නොතිබීමෙන් අත්පත් කරගැනීමේ කටයුතු පහසු වී ඇති බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ඉඩම් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (අත්පත්කරගැනීම්) කෝකිලා හේමචන්ද්‍ර , ලග්ගල ප්‍රාදේශීය ලේකම් එස්. විජේකුමාර් , නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රියන්ත සේනාධීර, මාතලේ දිසා වන නිලධාරි ඒන්.ආර් ප්‍රසාද්, දිසාවන නිලධාරි අශෝක බණ්ඩාර හේරත්, වන පාලක කේ.ආර්.ඉලුක්කුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නකල්ස්හි පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණයට අත්පත්කරගනී
දිලිත් Friday, 14 August 2020 11:04 AM
මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ කොහේවත් තියෙන කැලයක්ද නැත්නම් පෞද්ගලික ඡන්දදායකයන් ද?
RajindaFriday, 14 August 2020 01:53 PM
ඔබගේ බුද්ධියේ කැපෑසිටිය අපට වටහාගත හැක...
athulaFriday, 14 August 2020 08:14 PM
ගොබ්බ වැඩ තමයි කරන්නේ...
kamal Friday, 14 August 2020 01:09 PM
කළින් නකල්ස් වනාන්තරේ අනවසරයෙන් ඉදිකළ හිටපු ගුවන් හමුදා ලොක්කගේ ගෙයත් පවරාගන්නවැයි..?
Perera Friday, 14 August 2020 08:58 PM
ඔය ඉඩම් සහ ඒවායේ ඉදිකර ඇති සුඛෝපභෝගී නිවාස අත්පත්කරගෙන නව රජයේ අයවලුන් බෙදාගන්නද හදන්නේ..?
wasantha Friday, 14 August 2020 09:43 PM
වන සතුන් හා අනාගත පරපුර වෙනුවෙන් කෑලිවලට නොකැඩූ ආරක්‍ෂිත වනාන්තර පිහිටුවීම හා ඒවා ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. රජයට ස්තූතියි..!!!
Bamunuarachchi Saturday, 15 August 2020 03:22 AM
1967 කාලේ ලග්ගල, මීමුරේ, කලුපහණ ප්‍රදේශවල රජයේ ඉඩම් අක්කර 100 කැබලි එනසාල් වගාවට දුන්නා.
BamunuarachchiSunday, 16 August 2020 03:55 AM
මෑතක සොයා බැලුවාම එම ඉඩම් නැවත වනසංරක්ෂණයට ගත් බව දැනගන්න ලැබුණා...
නිමල් Saturday, 15 August 2020 04:18 AM
කැලෑවට ගිහිල්ලා තියෙන තේවතුත් රජය නැවත පවරා ගත්තොත් හොඳයි. බදුල්ලෙ තේ වතු මිනිස්සු බලෙන් අල්ලාගෙන ගෙවලුත් හදලා, කොම්පැනිකාරයින් දැක්කේ නෑ වගේ ඉන්නවා. සමහර වතුවල කලින් තිබ්බ තේ ගස් ප්‍රමාණය එක්ක බලනකොට දැන් තියෙන්නේ බොහොම ටිකයි...
badraniSaturday, 15 August 2020 05:28 AM
නිමල් මහත්තයෝ, ඔය තේවතු ලංකාවේ මිනිසුන්ගේ ඉඩම් මුඩු ඉඩම් යටතේ බලෙන් සුද්දා පවරා ගත්ත ඒවා බව මතක නැතිවුණේ ඇයි?
rasika Saturday, 15 August 2020 07:42 AM
හොඳ තීරණයක්...!!!