(ඉන්දික අරුණ කුමාර)
අවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි දේශිය වනාන්තර සුරැකීමේ සංගමය කියයි.
පතන නැරඹිමට පැමිණෙන ඇතැම් පුද්ගලයින් විසින් පරිසරයට මුදාහරින නොදිරන අපද්‍රවය මෙන්ම නිදැල්ලේ සැරිසරන ගව රංවු හේතුවෙන් හා පතනේ ගමන් කළ යුතු දිසාවන් අනුගමය නොකරමින් විවිධ පුද්ගලයින්ගේ අවිධිමත් සංචාරක කටයුතු ද පතනේ පැවැත්ම සදහා ඝෘජුව බලපෑම් එල්ල කරමින් පවතින බව දේශිය වනාන්තර සුරැකීමේ සංගමයේ සභාපති අතීක් නසීර් මහතා පවසයි.
ඒ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටියි.
එම මාධ්‍ය නිවේදනයට අනුව පිටවල පතනට පමණක් ආවේනික පතන් අල, නිල්මොණරැස්ස, කදුලැස්ස හා වටලැස්ස වැනි ශාක විශේෂ පිටවල පතනේ දී පමණක් හමුවන ශාක විශේෂ වෙයි.
වර්ෂ 1960 දී පිටවල පතන ප්‍රදේශයෙන් මුල්වරට හදුනාගෙන ඇති පතන් අල ශාකය මේ වන විට පතන ප්‍රදේශය ඉතා සුළු ප්‍රදේශයකින් පමණක් වාර්තා වන තත්ත්වයට පත්වී ඇති බව අතීක් නසීර් මහතා සිය නිවේදයෙන් කියා සිටියි.
පතනට පමණක් ආවේනික දුම්බර රළු ගල් පර මැඩියා ද රතු දත්ත වාර්තාවන්ට අනුව දැඩි ලෙස වදවී යෑමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි.
පතනේ සීමත ප්‍රදේශයක රහසිගතව ජීවත්වන ගල්පර මැඩියන් තවමත් දැකිය හැකි බව අතික් නසිර් මහතා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
සමස්ත ලෝකයෙන්ම පිටවල පතනේ දී පමණක් හමුවන සත්ව හා ශාක විශේෂ වලට අයාලේ යන ගවයින්ගෙන් සහ සංචාරකයින් අතින් සිදුවන හානි වලක්වා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර් ග ගන්නා ලෙස දේශිය වනාන්තර සුරැකීමේ සංගමය අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නකල්ස් රක්ෂිතයට අවදානමක්