IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


නකල්ස් සුන්දරත්වය සංචාරකයන්ට විකිණීමට විරෝධය

(කාංචන කුමාර ආරියදාස)

ලෝක උරුම රක්ෂිතයක් වන නකල්ස් වනාන්තරයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටා ඇති සුන්දර ස්ථාන සහ දියඇළි දෙස් විදෙස් සංචාරකයන්ට මුදල් අයකර නැරඹුම් ස්ථාන කිරිමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන දැඩි විරෝධය එල්ල කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් දුම්බර අඩවියේ ඉතා ආකර්ෂනීයව නමුත් තවමත් අපවිත්‍ර නොවූ දූවිලි ඇල්ල, සේර ඇල්ල, බඹරකිරි ඇල්ල, වැද්දාපැනි ඇල්ල, සාරි ඇල්ල, රත්නඇල්ල, කලුවා පැණි ඇල්ල, ආදී ස්ථාන මෙලෙස සංචාරකයන්ට විවෘත කිරිමට අවධානය යොමුකර තිබේ.

වසර ගණනාවක් තිස්සේ ජනශුන්‍යව පැවැති මෙම පරිසරය ආරක්ෂා වෙමින්, නකල්ස් කඳු මුදුනෙන් ඇරඹෙන දියඇළි පහළට ගලා එමින් රජරට ප්‍රදේශය පෝෂණය කිරිමට මහඟු දායකත්වයක් ලබා දේ.

එසේ වුවත් මෙම ප්‍රදේශ, ප්‍රවේශ පත්‍ර නිකුත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹුම් මධ්‍යස්ථාන කිරීමට අවශ්‍ය යෝජනාවලිය යවා තිබෙන බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස ක්‍රියාත්මක කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතලේ සහකාර දිසා වන නිලධාරී කමල් තෙන්නකෝන් මහතා පැවසීය.

ලැබෙන ආදායමෙන් 60% ක ප්‍රමාණයක් ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන සඳහා ලබා දීමට යෝජනා වී තිබෙන බවත් එක් පුද්ගලයකුගෙන් රුපියල් 100 ක් අයකරන බවත් මෙම ස්ථාන නැරඹීමට අවශ්‍ය පරිසරය සූදානම් කරමින් පවතින බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නකල්ස් වැනි ලෝක උරුම ස්ථානයක ඉතා මනරම් අපිරිසිදු භාවයකින් තොරව දැඩි ආරක්ෂිත සතුන් පක්ෂීන් කෘමීන් ගහනව පවතින දුම්බර වනපෙතේ මේ ආකාරයෙන්  සංචාරක කලාප බවට පත් කර මුදල් ඉපයීම අරමුණු කරගෙන සිදුකරන ක්‍රියාවලියෙන් පරිසරයට විශාල හානියක් සිදුවන බව පරිසරවේදී සජීව චාමිකර මහතා කීය‍.

නකල්ස් අධි රක්ෂිතයේ පතන ප්‍රදේශය මීට පෙර මුදල් මත ඇතුළු කිරීම සඳහා අවසර ලබාදී තිබෙන බවත් එහෙත් මේ වන විට පතනේ සිදුව ඇති හානිය මිල කිරීමට නොහැකි බව සජීව චාමිකර මහතා සඳහන් කළේය.

දුම්බර වනපෙතේ ඉතා ආරක්ෂිතව පැවති මෙම රක්ෂිත භූමි ජනතාවට නිරාවරණය කිරීමෙන් පසුව වසර ගණනාවක් ගත වෙද්දී එහි ජල උල්පත් විනාශවීම, මිනිස් මළ මුත්‍රා ජලයට එකතු වීම ආදී නොයෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කල්ප ගණනාවක් ආරක්ෂිතව පැවති පරිසර පද්ධතීන් විනාශ මුඛයට ඇද වැටී තිබෙන බව චාමිකර මහතා පැවසීය.

දිවයිනේ පරිසර සංවිධාන රැසක් ඒකරාශී කරගෙන මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක නිරතව මෙය නවතා දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද චාමිකර මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ඇතැම් පරිසර සංවිධාන යැයි කියාගන්නා කණ්ඩායමක් මුදල් අපේක්ෂාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ එක්ව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා කවුළු ඉදිකිරීම වැසිකිළි පද්ධති සඳහා ස්ථාන වෙන් කිරීම සංචාරකකරුවන්ගෙන් නවාතැන් සඳහා කාමර ඉදිකිරීම ආදී කටයුතු නකල්ස් රක්ෂිතයේ මේ වන විට සිදුවෙමින් පවතී.

මෙම දිය ඇලි  ගැඹුරු අනාරක්ෂිත ස්ථාන බැවින් එහිදී පැමිණෙන සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකීම ක්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි මාතලේ සහකාර දිසා වන නිලධාරී කමල් තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී මෙසේ කීය.

‘පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමග මේ වනවිට සාකච්ඡාවක් පවත්වා කණ්ඩායම් පුරුදු පුහුණු කර තිබෙනවා. ජීවිතාරක්ෂකයන්ට   නවාතැන් ගැනීම සඳහා ස්ථාන හඳුනාගෙන තිබෙන බවත් එම ස්ථානවල රාජකාරි කටයුතුවල යෙදවීම මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ද සාකච්ඡා කළා.’



අදහස් (3)

නකල්ස් සුන්දරත්වය සංචාරකයන්ට විකිණීමට විරෝධය

විජිත් Monday, 29 June 2020 09:28 AM

හිතවත් චාමිකර මහතාට, ලෝක සෞඛ්‍ය සංවිධානය අද වනවිට මුහුණපා ඇති අභියෝගය ඔක්සිජන් ...!!! දිනකට ඝනමීටර් 620 000 (විශාල සිලින්ඩර් 88000 ක්) ලොව වටා සිටින කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය වෙලා.. ලෝකය එහෙම කියද්දී.." ඔක්සිජන් කන්නද..,? " කියා අසන මෝඩයින් ගැන වාර්තාවන්නේ ශ්‍රී ලංකාවෙන් පමණයි. නූගත්, දූෂිත දේශපාලුවන් විසින් බිහිකළ ඔවුන්ගේ වහල් ප්‍රජාව මේ රටට කරමින් සිටින විනාශය ඔබලා හොඳින්ම දන්නවා. වාසනාවකට හෝ පරිසරයට ආදරේ කරන ඔබ වැනි පරිසරවේදීන් "අතලොස්සක්" හෝ සිටීම වාසනාවකි. මොන ක්‍රමයකින් හෝ අපි ජනතාව දිගින් දිගටම, නොනවත්වාම දැනුවත් කිරීම නොකලොත් තව අවුරුදු 25න් මෙරට අනිවාර්යයෙන්ම කාන්තාරයක් බවට පත්වේවි. ඉතින්.. මේ රට ගැන සිතලා. ඔබට, අපේ රවින්ද්‍ර කාරියවසම් මහත්මයා.. වැනි අය පරිසර නීතිගැන හොඳින්ම දන්නා අපේ ජගත් ගුණවර්ධන මහත්මයා... එතකොට තිලක් කන්දේගම මහතා ... ඔයවගේ කට්ටිය එකතුවෙලා "හරිත" පක්ෂයක් පිහිටුවාගන්නේ නැත්තේ ඇයි..? ලෝකයේ දියුණු රටවල මහා ආණ්ඩුව පාලනය කරන්නේ ඒ කුඩා "හරිත" පක්ෂයයි. එ් නිසා රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න හිතුවොත් හොඳයි නේද? අපේ සහයෝගය ඔබටයි...

:       0       0

Akila Monday, 29 June 2020 10:07 AM

විදේශීය සංචාරකයින් ඔතන අපවිත්‍ර කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ දන්නවා පරිසරයේ වැදගත්කම, හැබැයි අපේ ලංකාවේ කට්ටියට යන්න දුන්නොත් නම්, ඔතන සතියෙන් පොලිතීන් ප්ලාස්ටික් බෝතල් විසිකරලා විනාශ කරයි...

:       0       0

Lal Monday, 29 June 2020 11:21 AM

මොන බොරු වැඩක්ද? එහෙම යන එක නවත්වන්න පුළුවන්ද? විදේශ සංචාරකයින් නෙවෙයි නකල්ස් විනාශ කරන්නේ ලංකාවේ මිනිස්සු. සල්ලි ගන්නේ නැතුව ඩොනේෂන් දෙන්න කිව්වා නම් සංචාරකයින් කැමැත්තෙන්ම සල්ලි දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 587 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 147 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 161 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 358 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 644 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 277 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site