(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි හා සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට බලපෑ ආපදා තත්වයෙන් පවුල් 12,177 කට අයත්, 48,300 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි.
පීඩාවට පත් පවුල් 243 කට අයත් 1,037 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 25 ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ආපදා තත්වයන් මේ වන විට මේ ක්‍රමයෙන් පහව යමින් තිබෙන අතර ජල ගැලීම් පැවති බොහෝ ස්ථානවල ජලය මේ වන විට බැස යමින් ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම ආපදා තත්වයෙන් මරණ 5 ක් ද වාර්තා වූ අතර තවත් තිදෙනෙක් තුවාල ලැබූහ.
කෑගල්ල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙම වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ අතර ඉන් වැඩිම බලපෑමක් ඇතිවූයේ ගම්පහ දිස්ත්‍රික්කයටය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, අත්තනගල්ල, වත්තල, මහර, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම, දොම්පෙ, බියගම, මීගමුව, ගම්පහ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට බලපෑ ජලගැලීම් තත්වය හේතුවෙන් පමුල් 8,914 කට අයත් 36,390 දෙනෙක් පීඩාවට පත්වූහ. මෙම තත්ත්වය හේතුවෙන් නිවාස තුනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 868 කට අර්ධ හානි සිදුව ඇත.
නිවාස හානි වෙනුවෙන් තක්සේරු වාර්තා අනුව වන්දි ගෙවීමට කටයුතු කරගෙන යන බව ද කොඩිප්පිලි මහතා පැවසීය.
අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් හරහා කරගෙන යන බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
පාදුක්ක ආටිගල ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අයුරු පාදුක්ක නිහාල් වෙත්තසිංහ
හිනිදුම නගරය ජලයෙන් යටවී ඇති අයරු- උඩුගම රවි ලියනගේ
මීගහවත් ප්‍රදේශයේ ජලයෙන් වැස්සෙන් වූ හානිය - මීගහවත්ත ප්‍රේමතිල පෙරමුණ
පල්ලේවෙල මාර්ග ජලයෙන් යටවී ඇති අයුරු - පුෂ්පකුමාර මල්ලවාරච්චි
ගම්පහ නගරය ජලයෙන් යටවී ඇති අයුරු - තිලකරත්න දිසානායක
ගනේමුල්ල - ගම්පහ පාර ජලයෙන් යටවී ඇති අයුරු මාකේවිට අර්නස් ජයතිලක
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නගර රැසක තවමත් ගංවතුර
kapila Sunday, 16 May 2021 02:07 PM
ඇයි අප්පා අපිට කිසිම පැත්තකින් සහනයක් නැත්තේ?