( තිළිණි ද සිල්වා )
පසුගිය කාලය පුරා නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කර ඇතැයි කියමින් සහ එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් නීතීඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.
මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
එහිදී පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තමන්ට කල් ලබා දෙන්නැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කල් ඉල්ලා සිටීම හේතුවෙන් පෙත්සම සළකා බැලීම මෙදිනට නියම කෙරිණි.
නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපති , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, එහි ලේකම්, ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ. පෙත්සම්කරු වෘත්තීයෙන් නීතීඥවරයෙකි.
පසුගිය වසර 3ක කාලය තුළ, එනම් 2017 , 2018 සහ 2019 වසර වලදී පමණක් ජනාධිපති නීතඟඥවරුන් 75 දෙනෙකු පත්කර ඇති බව පෙත්සම්කරු කියා සිටී. ඔවුන් පත් කිරීමේදී පිළිගත් නිර්නායකයන් අනුගමනය කර නොමැති බවද පෙත්සමේ සඳහන්වේ. සාමාන්‍යයෙන් එම ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී වසර 25ක වෘත්තීය සේවා කාලය පැවතීම , නීතීඥ ක්ෂේත‍්‍රයට ඉටුකළ සේවය සළකා බැලීම සිදුවන බවද පෙත්සම්කරු කියා සිටී.
නමුත් පසුගිය කාලය පුරා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිසි ක‍්‍රමවේදයකට අනුව සිදූවී නොමැති බවත් , මේ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයද දැනුවත් කළ බව පෙත්සම්කරු කියා සිටී.
නිසි ක‍්‍රමවේදයකින් තොරව එලෙස ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති 12.1 වගන්තිය යටතේ ඇති සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ද එම පෙත්සම්කරු පෙන්වා දේ.
එබැවින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසත්, ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිර්නායකයන් හඳුන්වා දෙන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නීතිඥවරයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
විකුම් Saturday, 27 July 2019 01:23 PM
බොහොම හොඳ ඉල්ලීමක්...