IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින්  ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (4) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ  රීති උල්ලංඝණය කරමින් තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට අපරාධ චෝදනා එල්ල කරමින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා වැඩිදුරටත් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ මෙය දේශපාලන වේදිකාවක් නොවන බවයි.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් ඇති  දිවුරුම් ප්‍රකාශයෙන් තමන් ජනාධිපති හා බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කර තමා එම තනතුරෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරන බව සදහන් කර ඇතැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අදාළ දිවුරුම් ප්‍රකාශයේ සදහන් චෝදනා අසත්‍ය යි. පදනම් විරහිත සහ ද්වේෂ සහගත ඒවා යැයි ද හෙතෙම කීය.

තමන් අපක්ෂපාතී , ස්වාධීන නිලධාරියෙක් යැයි නීතිපති විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම දිවුරුම් ප්‍රකාශය සැකසීම නීති උපදෙස් දුන් නීතීඥ විරාන් කොරයා මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් තමා විරෝධතා දක්වන බවද නීතිපති සඳහන් කළේය.

නීතිපතිගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනාඩි 15 කට කල් තැබීමට හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට ස්වල්ප මොහොතකට පෙර තීන්දු  කළේය.



අදහස් (4)

නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mahee Wednesday, 04 September 2019 12:05 PM

හරියට හරි. මෙතෙක් සිටි ඇතැම් දියාරු, පක්ෂග්‍රාහී කට්ටිය මෙන් නොව ඔබතුමා පත් වූ දින සිටම එතෙක් ගොඩ ගැසී තිබුණු සහ යට ගැසී තිබුණු නඩු ඉවරයක් කිරීමට මහත් වෙහෙසක් දරන බව අපට පෙනෙනවා. එහෙම වෙනකොට දේශපාලනෙන්ම නඩු ඉවර කිරීමට උත්සාහ කරන පුරුද්දෙන් මිදෙන්නට සමහරුන්ට බැරි බවයි පේන්නේ. ඔබතුමාට ජය!

:       1       3

දිමුත් Wednesday, 04 September 2019 12:10 PM

අපොයි ඔව්. නීතිපති නමැති කොකාගේ සුද අපිට පේනවා.

:       6       5

abaran Wednesday, 04 September 2019 12:13 PM

මම මේ කල්පනා කරේ බුද්ධි අංශයක් තියෙන්නේ පොලිසියට පමණද? රටේ ආරක්ෂාව සඳහා වෙනත් අංශ වගකිව යුතු නැද්ද?

:       1       3

rim Wednesday, 04 September 2019 12:40 PM

අන්තිමේදී පොලිසියේ ලොක්කත් ගැලවෙන්න හදන්න වගේ... නියමයි තීන්දුව..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 19 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 134 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 668 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2504 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 725 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 371 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site