(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි කාන්තා රැඳවියකුට ජංගම දුරකථන සහ ඊට අදාල උපාංග ලබා දී මුදල් ලබාගත් බව කියන බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි
රහසිගත විශේෂ සෝදිසියකදී මෙම වෛද්‍ය නිලධාරීවරයා අදාල කාන්තාවට දුරකථනය ඇතුළු උපාංග ලබා දෙන අවස්ථාවේදී එම උපාංග ද සමග අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
අදාල දුරකථන ලබා දීමෙන් පසු මෙම වෛද්‍යවරයා මුදල් ලබාදීමට අදාළ රිසිට් පත්‍රයද ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔහු පැවසීය.
ඒ් අනුව ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා සිටින බන්ධනාගාර රෝහලේ නිළ කාමරය තුළදී වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි සැකකාරීයකට *ජංගම දුරකථන ආරෝපණයක් හා ජංගම දුරකථන බැටරි දෙකක්* ලබා දීමට උත්සහ දැරූ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු බන්ධනාගාර නිළධාරීන් එම උපාංග අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
සිදුවීම සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වෙත දැනුම්දී ඇති අතර, සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යොදවා මුලික විමර්ෂණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයිද හෙතෙම පැවසීය .
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නීතිය නැමූ බන්ධනාගාර දොස්තර මාට්ටු
Raveendra Friday, 29 October 2021 06:15 PM
මේ වගේ තුට්ටු දෙකේ කොන්දොස්තරයෙක්... මේ ලැජ්ජාවක් නැති කොන් දොස්තරයාට නමක් නැද්ද හැබෑටම..? ලැජ්ජයි තම වෘත්තියටත්...
මුදියන්සේ. Friday, 29 October 2021 06:16 PM
තරාතිරමකින් තොරව රටේ සෑම ක්ෂේත්‍රයකම පාහේ දකින්නට අසන්නට ලැබෙන්නේ ඉතා පහත් මට්ටමේ පාදඩ ක්‍රියාවන්ය. මෙවන් ක්‍රියාවන් වෙනුවෙන් දැඩි දඩුවම් ක්‍රියාත්මක විය යුතුය.
Ruhunu Friday, 29 October 2021 06:21 PM
දෙමව්පියෝ හොරු වුණාම... දරුවෝ මොන තනතුරේ හිටියත් හොරු වෙනවාමයි...
kamal Saturday, 30 October 2021 12:30 PM
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පාස් වුණු කෙනෙක් වෙන්න ඇති... හරි ප්‍රමිතියට දොස්තරලා බිහිකරන රජයේ එකෙන් නම් වෙන්න බැහැ.