IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නීතිවිරෝධීව ස්වර්ණාභරණ ගෙන ආ සිංගප්පූරු යුවළක් අත්අඩංගුවට

(ටී.කේ.ජී. කපිල )

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් (2,60,00,000)ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ (28) දින රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.

මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන සීමාවල පසුවන සිංගප්පූරු ජාතික යුවලක් වන අතර, ඔවුහු එරට ප්‍රධාන පෙළේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවෝ වෙති. 

මේ වසරේ, මේ වනවිට පමණක් මොවුන් දෙදෙනා 6 වතාවක් පමණ, ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවට රේගුව කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.

මොවුන් දෙදෙනා ඊයේ (28) මධ්‍යම රාත්‍රී 12.00ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මොවුන් ඇඳ සිටි කලිසම් සාක්කුවල සහ ඒවාට යටින්, තම සිරුරුවලද, මෙම කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 850 ක් බර ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන ඇත.

මාල සහ පෙන්ඩන්ට් වැඩි වශයෙන් තිබූ මෙම ස්වර්ණාභරණ තොගය පිළිබඳව, කල් ඇතිව රේගු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ අතර, ඔවුන් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලාල් ගජධීර සහ සමන් රණවන යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන කේ.එච්.පී. කුමාරසිරි, පී.ජී.සුමනපාල සහ අජිත් දුමින්ද, රේගු අධිකාරී කමල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන රාජිත සිල්වා සහ තිලංක දිසානායක යන මහත්වරු සිදුකරති.



අදහස් (3)

නීතිවිරෝධීව ස්වර්ණාභරණ ගෙන ආ සිංගප්පූරු යුවළක් අත්අඩංගුවට

Jayantha Saturday, 29 June 2019 04:32 AM

රේගුවේ අල්ලස් කාක්කන්ට ගාන හම්බ වෙලා නැහැ වගේ...

:       12       240

ලුම්බිණි Saturday, 29 June 2019 08:43 AM

ලංකාවේ මේ අයට සම්බන්ධ අය ගැන බලන්නේ නැද්ද?

:       0       212

Chanak los angeles Saturday, 29 June 2019 05:05 PM

කොහොම ෆොටෝ දැමුවත් ඔතන දොලපිදේනියෙන් භාණ්ඩ නීතියට පිටින් හිටුකියලා පිටවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 2 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 44 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 66 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 327 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 132 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 395 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site