(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද(6 ) අලුයම අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පිරිස උඩප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෝ වෙති.
හලාවත මෝය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස ජීප් රථයකින් පැමිණ ඇති බවද පොලිසිය කියයි.
නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත වැටලීම කර ඇත.
හලාවත සිට මුතුපන්තිය දක්වා මුහුදු තීරයෙදී මෙලෙස නීති විරෝධි ආකාරයට මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට යාම නිරන්තරයෙන් සිදුවන බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට ප්‍රශ්න කරමින් පවතින බවත් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හලාවත පොලිසිය සඳහන් කරයි.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නීති විරෝධීව රට පනින්න හැදූ 6ක් හලාවතදී අත්අඩංගුවට
Wishwakarma Wednesday, 06 November 2019 02:49 AM
ඇයි මේ ජීවිත අවදානමේ හෙලාගෙන රට පනින්න හදන්නේ ? 16 වැනිදායින් පස්සේ මේ රට සුර පුරයක් වෙනබව ඇහෙන කතාවලින් තේරෙන්නේ නැත්ද ?
Nimal Wednesday, 06 November 2019 05:02 AM
දාල යන්න හිතෙන රටක්!
පිටිගල මිලානෝ Wednesday, 06 November 2019 06:08 AM
ඉතාලියේ නීති විරෝධීව සිටින සැමට නේවාසික සහතිකය පහසුවෙන් ලබා ගැනීමේ කටයුතු දැන් සැකසෙමින් පවතිනවා. කට්ටිය කලබලෙන් පනින්න හදන්නේ මේ නිසයි. නෑදෑයන් හෝ යහළුවන් ඉතාලියේ ඇත්නම් ඔවුන්ගෙන් විස්තර ලබාගෙන සහ ඔවුන්ගේ උපකාරයෙන් සහ ‘ස්පොන්සර්’ ලියුමකින් ‘ශේන්ගන්’ සංචාරක වීසා එකක් ඉතාලියෙන් පිට ජර්මනිය, ඔස්ට්‍රියාව වැනි රටකට ගෙන කෝච්චියෙන් ඉතාලියට නීත්‍යානුකුලව සහ ආරක්ෂාකාරීව පැමිණෙන්න. මෙහි සිටින ඔබගේ සැබෑ මිතුරන්ට සහ නෑයින්ට ඔබ වෙනුවෙන් ඉතා පහසුවෙන් බොහෝ දේවල් කල හැක.
anura Wednesday, 06 November 2019 11:09 AM
අනේ මේ අයට යන තැනකට යන්ට දෙන්න. ලංකාවේ ඉඳල හිඟාකන්ට කියලද කියන්නේ?
Harith Gunasekara Wednesday, 06 November 2019 11:27 AM
මේ වගේ වංචාකාරයෝ පාලනය කරන රටක් දාලා යන්නේ පාලකයන්ගේ වැරැද්ද නිසා. උගත් තරුණයන්ට අනාගතයක් නැහැ.