(නිමල කොඩිතුවක්කු)
ජාතික නිදහස් දින සැමරුම මින් ඉදිරියට සමරනු ලබන්නේ ජාතික දින සැමරුම ලෙස යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තියේ නිදහස් දිනය සඳහන් වන්නේ ජාතික දිනය ලෙස බවත් ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
‘‘නිදහස් දිනය හඳුන්වන්නේ ජාතික දිනය ලෙයසි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තියේ ජාතික දිනය ලෙස තමයි එය සඳහන් වෙන්නේ. එහි තිබෙන්නේ නැෂනල් ඬේ යනුවෙන්. එහෙම නැතුව ෆ‍්‍රීඩම් ඬේ නෙමෙයි. ඒක තමයි අපිත් භාවිතා කළේ. මේ ගැන විශාල ප‍්‍රශ්නයක් ඇති කරගන්න එපා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි වගන්තිය අනුව මෙය නිවැරදියි’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිදහස් දින සැමරුම ජාතික දින සැමරුම ලෙස නම් කරයි
asanka Wednesday, 23 January 2019 05:38 PM
ඔන්න දැම්මම මැතිවරණ පරාජය පෙන්නුම් කලා
d.upul Wednesday, 23 January 2019 06:40 PM
ඇති යාන්තං....අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය විසඳුනා.
Raveendra Thursday, 24 January 2019 02:36 AM
මුහුනෙන්ම පේනවා වංකව ද අවන්කවද ක්‍රියා කරන්නේ යන්න.
sam Thursday, 24 January 2019 05:04 AM
ඒ කියන්නේ අපි ජාතියක් වශයෙන් පිලිගැනුනේ 04/02/1948 දා ඉඳලා කියලද ??
සේන Thursday, 24 January 2019 05:15 AM
ජාතියට තියෙන ප්‍රශ්නය වර්ථමාන පාලකයා ගැන තියෙන සැකයයි.ඔවුන් රටට , ජාතියට සෙතක්වන දෙයක් කරයි ද ?
asoka Thursday, 24 January 2019 06:27 AM
ලැජ්ජයි ලගදීම රටේ නමත් මාරු කරන්න යනවා කියලත් දන්නවා.
නිමල් Thursday, 24 January 2019 07:41 AM
දැන් අපිට නියම නිදහස තියෙන නිසා උත්සව දවසේ නම වෙනස් කරන්න හිතෙන්න ඇති එතුමාට. ලොකු සේවයක්නේ එතුමා කරලා තියෙන්නේ. මෙවන් නායකයෝ පහල වෙලා තියෙන්නේ අපේ වාසනාවට මිසක් වෙන මොකටද? අනේ වාසනාවන්!
සමන්ත Thursday, 24 January 2019 08:23 AM
මම දන්න විදිහට ජාතික දිනය කියලා සැමරුවේ අපි සම්පූර්ණයෙන් සුද්දගෙන් නිදහස් වුණු මැයි 22. හරි විදිහට අපගේ නිදහස් දිනයද විය යුත්තේ මෙදිනයි.. මෙම දිනය සැමරීම එජාපය අකමැති විය එයට හේතුව බණ්ඩාරනායකලා එක්ක තිබ්බ වෛරය.. නමුත් ඇත්තටම අපි නිදහස් වුනේ පෙබරවාරි 4 නොවේ.. මැයි 22... එදින තමයි සිංහලයින්ට සිංහල රට අහිමි වූ දා.. ඉංග්‍රීසියෙන් සිලෝන් කිව්ව සිංහල රට ශ්රී ලංකා වුනේ එදා...
AnandaThursday, 24 January 2019 09:35 AM
1000% ඇත්ත.
ධනුෂ්කThursday, 24 January 2019 11:41 AM
පෙබරවාරි 4 අපි අර්ධ ස්වාධීනත්වයක් ලබපු දවස. අපේ ජාතික වීරයන් මේ රට නිදහස් කර ගන්න දහස් ගණනින් ජීවිත කැප කළා. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසු බලවත් සෝවියට් දේශයේ හා අැමරිකාවේ බලපෑම් අැතුලු කාලීන ලෝක තත්වයන් මත සුද්දෝ අප රට අැතුළුව රටවල් ගණනාවක් පාලනය..., කලු සුද්දන් අතට ලබා දී යන්න ගියා. හැබැයි එම කලු සුද්දන් රටේ ජනතාවට කියන්නේ තමන් නිදහස දිනාදුන් බව. දේශපාලනික වශයෙන් අපේ රට නාමිකව නිදහස් නමුත් ජනතා වශයෙන් අපි. අාර්ථිකවත්, මේ පාදඩ දේශපාලකයන්ගෙනුයි, කුඩු මුදලාලිලාගෙනුයි, පාතාලයන්ගෙනුයි. නිදහස් වෙලා නෑ. සුද්දා හදලා ගියපු තෙල් ටැංකි ටික කැලේට යට වෙලා. රේල් පාරවලුත් වහලා දාලා. අවුරුදු 70ටම අලුතින් හැදුවේ කිලෝමීටර් කීයද? 1996 සුද්දෝ හොංකං චීනෙට බාර දීලා ගියා. දැන් කොහොමද එ් රටවල්? අැත්තටම අපි නිදහස්ද?