(ජයන්ත සමරකෝන්)
72 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 516 දෙනෙකුට මේ මස 4 වැනිදා නිදහස ලැබෙන බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
බන්ධනාගාර ආයතන 30 කින් පමණ සුළු වැරදීමකට කෙටි කාලීන සිරදඬුවම් ලැබූ පිරිසක් මේ අතර වන බවද එම මුලස්ථානයේ උසස් නිලධාරීයෙක් පැවසීය.
මත්කුඩු, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, පැහැරගැනීම්,කප්පන් ගැනීම්, ඇතුළු බරපතල ඝණයේ වැරදි 30 කට සම්බන්ධ කිසිදු සිරකරුවෙකුට මෙදින නිදහස හිමි නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම ඇතුලුව සුළු වැරදි මත දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරදඬුවම් විදින පුද්ගලයින් 516 ක ලැයිස්තුවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ‍්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නිදහස් දා සිරකරුවෝ 516 කට නිදහස
රවින් Sunday, 02 February 2020 09:45 AM
කොහොම කිව්වත් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න වේවි. මාධ්‍යයෙන් දැක්කනේ ලඟදි දවසක එක් අපරාධකරුවෙක් ගරු අධිකරණ පරිශ්‍රය තුළදීත් තවකෙකුට මරණ තර්ජනය එල්ල කරන හැටි. කොහොමද තියන හයිය. එළියට එන කට්ටිය ගැන ඉස්සරට වඩා ප්‍රවේශමෙන් බැලිය යුතු වෙනවා.
siri Sunday, 02 February 2020 09:54 AM
අර බළලුන්ට කුකුල් මස් දුන්නු කෙනාටත් නිදහස ලැබෙයිද? ඉක්මණින් නිදහස ලැබේවා කියලා කැළණි විහාරයේදී විශාල පින්කමකුත් පැවැත්වුවා කියලනේ කියන්නේ...
sidath lokuhewaSunday, 02 February 2020 11:41 AM
මොන ක්‍රමයකින් හරි මිනිහව නිදහස් කළොත්... හිර ගෙදරදී දෙන්න බැරිවුණු දේ ලැබේවා ...!!!
menna Sunday, 02 February 2020 10:15 AM
ලංකාවේ ශ්‍රම බලකායට අයත් මිනිස්සු... මොවුන් සමාජයෙන් බැහැරව සිරගතවී සිටින කාලය තුළද නැවත සමාජයට අනුගත වීමට සුදුසු ලෙස බලධාරීන් විසින් කටයුතු සිදුකර ඇතැයි සිතනවා...
විපරමා Sunday, 02 February 2020 10:52 AM
දේශපාලුවන්ට හිතවත් අය කවදා විතර නිදහස් වෙයිද මන්දා...?
Hafeel Sunday, 02 February 2020 11:00 AM
දැන් තමයි මරණ දඬුවම් කරුවන්ට මෛත්‍රීගේ අගය තේරෙන්නේ.
සිරිබිරි Sunday, 02 February 2020 11:29 AM
ඔය කට්ටියට අරයා නැහැ නේද?
De Sunday, 02 February 2020 11:33 AM
ඔය ලිස්ට් එකේ “දු“ අකුරෙන් නම පටන් ගන්න කෙනෙක් ඉන්නවද? අනේ එයා පව්...,
කපුරුහාම්Sunday, 02 February 2020 12:59 PM
එයාව තුනෙන් දෙකේ බලය ගත්තට පස්සේ එළියට දායි වගේ. මොනතරම් ඒ උදවිය කඩේ ගියාද?
පිටිගල මිලානෝ Sunday, 02 February 2020 12:13 PM
අර දේවදත්ත හාමුදුරුවන් දේශනා කරපු පසේ බුදුහාමුදුරුවෝත් නිදහස් වෙයිද?
ajith Monday, 03 February 2020 10:26 AM
අනේ පව්..., අර අපේ හාමුදුරුවෝ කිව්ව කෙනාව නිදහස් කරන්න වෙන්නේම නැද්ද?