(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
මෙයින් පළමු ගුවන් යානය වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඩී 21 දරන මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (04) අලුයම 12.06 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එම ගුවන් යානය තුළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝ ග්රැම් 44,730 ක් ගබඩා කර තිබුණි .
නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් දෙවන ගුවන් යානය වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඊ 21 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය , නැනෝ නයිට්‍රජන් පොහොර කිලෝ ග්රැම් 44,773 රැගෙන අද (04) අලුයම 03.02 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානා දෙකම ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වීම විශේෂත්වයකි .
මෙම ගුවන් යානා මගින් රැගෙන ආ පොහොර තොගය , ලොරි රථ මගින් , කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට සූදානම් කර තිබේ .
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නැනෝ දියර පොහොර ගුවනින් මෙරටට
Sunil Thursday, 04 November 2021 11:26 AM
තව මාස කිහිපයකදී හාලුත් ගුවනින්ම ගෙන්වන්න
Nihal Thursday, 04 November 2021 12:05 PM
අපිට පොර ටිකවත් හදා ගන්න බැරිද .පම්පෝරිය තියනවානේ
Nuwa Thursday, 04 November 2021 05:23 PM
ඕක ගුවනින්ම ඉහලා දැම්මොත් නරකද...?