IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


නොබෙල් සාම ත්‍යාගයට ඉම්රාන් ඛාන් නිර්දේශ කිරීමට සැරසේ


කලාපයේ සාමය උදෙසා  ලබාදුන් දායකත්වය වෙනුවෙන් පාකිස්ථාන අගමැති  ඉම්රාන් ඛාන් මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කිරීමට නියමිතය.
 
 පාකිස්ථාන තොරතුරු අමාත්‍ය හුසේන් චෞද්‍රි මහතා අගමැතිවරයාගේ නාමය යෝජනා කර ඇත.
 
 පාකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්ධමාන් නිදහස් කිරීම ඇතුළු  පකිස්ථානය හා ඉන්දියාව අතර ගැටුමේදී  ඉටුකළ භූමිකාව පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇත. 


 
 63226



අදහස් (20)

නොබෙල් සාම ත්‍යාගයට ඉම්රාන් ඛාන් නිර්දේශ කිරීමට සැරසේ

Perakum Sunday, 03 March 2019 08:13 AM

ඉම්රාන් ඛාන් නොවෙන්නට අද ලංකාවත් අනතුරේ. අපේ පූර්ණ සහයෝගය...!

:       67       300

ලුම්බිණි Sunday, 03 March 2019 08:20 AM

නොබෙල් සාම ත්‍යාගයට ඉම්රාන් ඛාන් නිර්දේශ කිරීමට මොනවද මෙතුමා කරලා තියෙන්නේ? ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්ධමාන් නිදහස් කිරීම විතරද? තවමත් දෙපැත්තේ වෙඩි හුවමාරු තියෙනවා. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙනවා නම් මෙතුමා නොබෙල් සාම ත්‍යාගයට සුදුසුයි.

:       690       139

sureka darshani Sunday, 03 March 2019 08:22 AM

විවාදයක් නැත. එසේම වියයුතුයි. ක්‍රීඩකයකු ලෙස නීතිගරුක බව, ජය, පරාජය, නිහතමානීව සහ ඉවසීමෙන් කටයුතු කළ නිසාම ලෝක යුද්ධයක ඇරඹුම නතර වුණු එක අවිවාදයෙන්ම පිළිගන්න ඕනේ. මලලාට පස්සේ හිමිවන දෙවන වරටත් නොබෙල් සාම ත්‍යාගයට ඉම්රාන් ඛාන් නිර්දේශ කිරීම අනුමත කළ යුතුමයි.

:       235       325

chamath Sunday, 03 March 2019 08:24 AM

ඉතාමත් හොඳ නායකයෙක්...

:       58       208

KARUNARATHNA . Gampola. Sunday, 03 March 2019 08:37 AM

මගේ සුබපතුමත් ඊට එක්කරමි. කලාපයක් වශයෙන් නොව, ලෝකවාසීන් සියලුම දෙනාම අපේක්ෂා කලයුත්තක් බව මගේ හැඟීමයි.. ස්තුතියි.

:       1       113

MaheeSunday, 03 March 2019 09:22 AM

ඔබ සමග මුළුමනින්ම එකඟයි.

:       0       76

de silva berlin Sunday, 03 March 2019 08:40 AM

ඡන්දෙ තව මාස දෙකකින් පවත්වන නිසා මෝදිගේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ හරියට කුලප්පු වෙච්ච කුළු හරක් රැලක් වගේ... ජාතිවාදය අවුලවා හින්දු ඡන්ද කඩාගන්න. මෙතුමාගේ ඉවසිලිවන්ත ක්‍රියාකලාපය නිසා යුද්ධයකට ඇති ඉඩකඩ ඇහිරිලා, විශාල ජීවිත සහ දේපල විනාශයක් නැවතුන, සාම ත්‍යාගයට ට්‍රම්ප්ට වැඩිය මෙතුමා ඉතා සුදුසු බව මගේ වැටහීමය. තම දේශපාලන බලයට වැඩිය රටට, ජාතියට ආධාර කරන, දුර දිග බලා ක්‍රියාකරන නායකයෙක්...

:       1       205

sena Sunday, 03 March 2019 09:16 AM

හතුරා මෝඩ උද්දච්චකම පෙන්නද්දීත් දැඩි ඉවසීමෙන් සහ සංයමයෙන් ක්‍රියාකළා. යුද්ධයක් ඇතිවීමට තිබූ ඉඩකඩ නැති කළා. ඉම්රාන් නොබෙල් ත්‍යාගයට සුදුස්සෙක් කියන එක අවිවාදිතයි.

:       2       149

de silva Sunday, 03 March 2019 09:21 AM

ඉම්රාන්ගේ දූරදර්ශි සාමකාමී ක්‍රියාකලාපයට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඉතා ස්තුතිවන්ත වෙන්න ඕනේ... යම්කිසි විදිහකින් එහි යුද්ධයක් ඇතිවුනොත්, ලංකාවට එන සංචාරකයන් කෙලින්ම තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය පැත්තට යාවි... තෙල්මිලත් ඉහළ යාවි.. ඩොලර් එක 200 පන්නාවි...

:       0       69

smn Sunday, 03 March 2019 10:01 AM

සුළු ජයග්‍රහණයක් ලබපු විගස අධිඋද්දාමයකට පත්ව පාකිස්ථානය කලබල වෙලා වගෙයි මම දකින්නේ… මෝදිව විශ්වාස නැහැ.. මැතිවරණය දිනා ගන්න... ආපහු පාකිස්ථානයට ප්‍රහාරයක් එල්ල කරන්න බැරි නැහැ… නොබෙල් තෑග්ග ලබාගන්න ඉම්රාන්ට පහර කකා ඉන්න වේවි.

:       58       7

de silva berlin Sunday, 03 March 2019 10:55 AM

පාකිස්ථානය අන්තවාදයට යන්න නොදී අරක්ෂා කරගනීවි කියලා යුරෝපයේ ඉම්රාන්ට ලොකු විශ්වාසයක් තිබෙනවා. පාකිස්තානයට වැඩිපුර කරදර කරන්න ගියොත් යුරෝපයේ රටවල් සහ අරාබිලෝකය සහ ආසියාවේ මුස්ලිම් රටවල් ඉන්දියාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීමේ සිට යුද ආධාර දීම දක්වා යන්න පුළුවන්.. එහෙම තත්වයක් ඇති වුනොත් ඉන්දීය ආර්ථිකයට එ්ක විශාල ලෙස බලපානවා. එම තත්වය මෝදි දන්නවා. එමනිසා වැඩිපුර දඟලන්න යන එකක් නැහැ.

:       56       224

ජයන්ත මිලානෝ Sunday, 03 March 2019 11:24 AM

මේවා මොනවාද? මතක නැතිද අපේ හිටපු ජනනායකයෙක් කොටි ත්‍රස්තවාදීන්ට අවුරුදු 10 කට ලියලා දීලා... නොබෙල් ත්‍යාගයට ඉව ඇල්ලුවා...

:       6       61

Janaka Sunday, 03 March 2019 02:50 PM

ඔයා පිටිගල මිලානෝගේ අයියද මල්ලිද?

:       0       364

BamunuarachchiSunday, 03 March 2019 03:23 PM

දැන් ඉන්න ජන නායකයා සමග එකඟවෙලා. එහෙම ගොයියන්ව මේ 62 පත්කර ගත්තේ...

:       80       96

Bamunuarachchi Sunday, 03 March 2019 03:20 PM

ඉම්රාන් ලොකු දෙයක් කලේ නැහැ. එයා ඉන්දියානු මිග් 2 බිම දැම්මා. ඉන්දියාව එයට ප්‍රතිචාර හැටියට පාකිස්තානයට නැවත ප්‍රහාර එල්ල කළා නම් යුද්ධයක් ඇතිවෙනවා. මම දකින්නේ ඉන්දියාවයි නැවත ප්‍රහාර එල්ල නොකිරීමෙන් යුද්ධයක් නැවත්වූවේ. ඉන්දියාවේ මුල් ප්‍රහාරයට ඉම්රාන් සාමයට කතාකළා නම් අන්න ඉම්රාන්ට ක්‍රෙඩිට් එක ලැබෙනවා. දැන් ක්‍රෙඩිට් එක යා යුත්තේ ඉන්දියාවට. ඉන්දියාව ඉම්රාන්ට ප්‍රති උත්තර දුන්නා නම් යුද්දෙට මුල පිරෙනවා.

:       606       0

BamunuarachchiSunday, 03 March 2019 10:32 PM

සාමයට යාම එක පාර්ශවයකට පමණක් කල හැකි දෙයක් නොවෙයි. ඉන්දියාවත් එකඟ උනොත් පමණයි යුද්දය නවතින්නේ. ලංකාවේ සාම සාකච්චා හරිගියාද? හරි නොගිය එක හොඳයි හරි ගියානම් ප්‍රබාකරන් උතුර පාලනය කරනවා.

:       167       2

ShammiMonday, 04 March 2019 09:37 AM

ලංකාවේ බත් කන ගවයන් දැකලා නැත්තම් බලාගන්න.

:       0       17

රනවීර Monday, 04 March 2019 04:40 AM

ආසියාවේ මෙතෙක් බිහි වි ඇති නායකයින් දෙස බැලිමේදි පෙනියන්නේ ඉම්රාන් ඛාන් ඇගමැතිවරයා විශිෂ්ඨයෙකු බවයි. ඔහු දේශපාලනයේ දි ඉතා මහත්මා ගතිගුණ සහ පරිනත බවක් පෙන්විය. ඉතා අපරිනත ගති ලක්ෂණ සහ ආකල්ප ඇති ආසියාතික දේශපාලන නායකයින්ට ඔහු විශාල පාඩමක් කියා දී ඇත. ඉම්රාන් ඛාන් ඇගමැති වරයා සැබැවින්ම දේශපාලන මනුෂ්‍යයෙකි.

:       0       0

de silva Monday, 04 March 2019 07:52 AM

2015 දී අපේ ජනාධිපතිතුමා කිවේ ඡන්දෙ පැරදුණා නම් රාජපක්ෂ රෙජීමය ඔහු මරලා ඔහුව අඩි 6ක් පොළව යට වලලාවි කියලා සහ රාජපක්ෂ රෙජීමයේ ඉන්න රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි තිබෙන හොරුන්ට දැඩි දඬුවම් දෙනවය කියලා... නමුත් එතුමා තරහ මරහ අතහැර මහින්ද මහතා සමග සමාදාන වී, මහින්ද මහත්මයා අගමැති බවට පත්කිරීමත්, වංචාකාරයින්ට සියලු දෙනාටම සමවාදී හෝ ඔවුන්ට තිබෙන නඩු තද නොකර සාමයේ මාවතේ ගමන් කළ නිසා මෙදා පාර ලංකාව වෙනුවෙන් අපේ ජනාධිපතිතුමාව නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කළයුතුය.

:       0       20

de silva berlin Monday, 04 March 2019 08:11 AM

ඉන්දියාවේ දෙවන ප්‍රහාරයට පැමිණි ගුවන් යානාවලට පහර නොදී පකිස්ථානය නිකන් හිටියනම් , අර ඉස්සර අපට පරිප්පු දැම්ම වගේ දිනපතා ඉන්දීය ගුවන් යානා පකිස්ථානයට ගොස් බෝම්බ දමා එන එක පුරුද්දක් කරගන්න තිබුන ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 54 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 167 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 711 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 746 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 995 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 229 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site