(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද (7) පෙරවරු 9.00ට ආරම්භ වේ.
නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 11.00 දක්වා සිදුකෙරෙන අතර ඒ වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයේ මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවා ඇත.
ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් නාමයෝජනා භාරදීම සඳහා මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණෙමින් සිටින අතර එම කාර්යාලය පිහිටි සරණ මාවත පොලීසිය විසින් වසා දමා තිබේ.
එයට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයින්ගේ වාහන ඇතුළු අවසර ලත් වාහන පමණි.නාමයෝජනා පිළිබඳ විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට 11.30 දක්වා කාලය ලබාදී ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ )
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නාමයෝජනා බාර ගැනීමට සියල්ල සූදානම්
Raveendra Monday, 07 October 2019 03:35 AM
කරුණාකර අපගේ මෙම අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් පළමුව ඉල්ලා සිටින්නෙමු. "මැකෝ" විසින් අපගේ මාතෘභූමියේ අනාගතය සරුසාර කිරීමට පොරකන "මොවුන්ගේ නාමයෝජනා බාරගැනීම අන්තර්ජාලය හරහා (on line මගින්) සිදුකිරීමට අදාළ ක්‍රියාමාර්ග ගත්තේ නම් අද දින මෙම කාර්යාලය අවට පාරවල් වසා දමා මහජනතාවට කරදරයක් වීම, අතිවිශාල පොලිස් නිලධාරීන් යෙදවීම, ඒ සදහා මිනිස් කාලය නාස්ති වීම, ඒ සඳහා නාස්තිවෙන මහජන මුදල්, ඉන්ධන, එපමණක් නොව තරගයට පැමිණෙන "මී හරකා" සමග ගාල කඩාගෙන ඉවක්බවක් නැතිව එන අම්බරුවන්ගෙන් මහජනතාව ඇතිවෙන හිරිහැර මෙන්ම සියලුම නාස්තින් නවත්වා ගතහැකි නොවේද? ඇත්තෙන්ම රටට අවංකව සේවය කිරීමට උත්සාහ කරන රජයේ සේවකයන් තමා වෙත නීතිය මගින් පවරා තිබෙන බලතවලින් මෙවන් තීන්දු තීරණ ගන්නේ නම් මේවා නිසිලෙස පාලනය කරගත හැකි නොවේද? අවංකව සිතමු අද දින මෙම කාර්යාලය අවට මොනතරම් නම් නාස්තිකාර සිදුවීම් නොවෙනවා යයි කිසිවෙකුට උපකල්පනය කළ හැකිද? බලන්න මොවුන් මෙම ස්ථානයට එන විදිය.
sandaruwan Monday, 07 October 2019 03:44 AM
විශාල ලෙස වැටුප් වැඩි කළ අවස්ථාවේ ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි . දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5 ට රුපියල් බිලියන 2*365*5=3650 ලෝකෙට ණයවී තියනවා ( ඩොලර් බිලියන 20ක්) . මෙහෙම තවදුරත් යන්න පුලුවන්ද?මෙය දරුණු ආර්ථික ගැටළුවක්. දේශපාලන කෝණයෙන් බලන්න එපා .