IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නම් කළ එන්නතක් අවශ්‍ය නම් සෞඛ්‍ය ප්‍රධානියාට අභියාචනයක් ඕනෑ

(සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි  අධ්‍යාපනය සඳහා හෝ රැකියා සඳහා හෝ  යන යමෙකුට කිසියම් හේතුවක් මත  නිශ්චිතවූ කොරෝනා  මර්දන එන්නතක් අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධයෙන්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

ඒ ආකාරයට   අභියාචනයක්  ඉදිරිපත් කළහොත් ඒ ගැන සලකා බැලීමට සූදානම් බවද  හෙතෙම සඳහන් කළේය.

යම් නිශ්චිත එන්නතක් ලබා ගත යුතු බවට  ඒ ඒ රටවලින්  යම් ලියවිල්ලක්ලබාදී ඇත්නම් ඒවාද  එම  අභියාචනය සමග ඉදිරිපත් කළ යුතු බව හේරත් මහතා කීවේය. කෙසේ නමුත්  ලෝකයේ කිසිම රටක්  එන්නත්  වර්ග  නම්කර ඒවා පමණක්  ලබාගත යුතු බවට  සඳහන් කර නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බව හේරත් මහතා වැඩිදුරටත් පැවැසුවේය.

මේ අතර දිවයිනේ විශාල පිරිසක්  යම් යම්  කොරෝනා මර්දන එන්නත් වර්ග පමණක් ලබා ගැනීමට උත්සහ දරන බවක් පෙනෙන්නට ඇතැයිද  මේ හේතුව නිසා  ඔවුනට  එන්නත  ලැබීම තවදුරටත්  ප්‍රමාදවී ඇතැයිද  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙය  සෞඛ්‍යමය වශයෙන් අවදානම් තත්වයක් ලෙස සැලකිය හැකි යැයි  වෛද්‍ය විශේෂඥයෝ සඳහන් කරති.

කොළඹ ප්‍රදේශයේ දහසකට පමණ වැඩි පිරිසක් අනෙකුත් එන්නත් වර්ග ලබා නොගෙන ෆයිසර් එන්නත  පමණක් ලබාගැනීමට  උත්සාහ ගන්නා තත්වයක්  පෙනෙන්නට ඇතැයි  සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ සම්බන්ධයෙන්  කොළඹ  වසංගත රෝග විද්‍යාඥ  වෛද්‍ය දිනූකා ගුරුගේ  මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  කොළඹ නගරයේ  එවැනි ආකල්පවලින් පසුවන   විශාල පිරිසක් සිටින බවයි.

මෙරට භාවිතා කෙරෙන  සියලුම එන්නත් වර්ග  එකම ප්‍රතිඵල සහිත ගුණාත්මක ඒවා හෙයින්  ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයෙන්  කුමන හෝ කොරෝනා  මර්දන එන්නතක් ලබා ගන්නැයි  ජනතාවගෙන්  විශේෂ ඉල්ලීමක් කරන බවද  ඇය සඳහන් කළාය. 

 



අදහස් (3)

නම් කළ එන්නතක් අවශ්‍ය නම් සෞඛ්‍ය ප්‍රධානියාට අභියාචනයක් ඕනෑ

Nuwan Friday, 24 September 2021 12:11 PM

එහෙනම් ඇයි හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදුන්නේ.?

:       0       8

නලින් Friday, 24 September 2021 12:40 PM

ඕක පුදුම වෙන්නත් දෙයක්ද? , ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, හම්බන්තොටට ෆයිසර් එන්නත දීමට හේතුව විදිහට කිව්වේ වරායක් තිබෙන නිසා බව. ඒක නම් ඇත්තම, විද්‍යාත්මක හේතුව, හොඳටම ක්‍රියාත්මක වරාය තියෙන්නෙ කොළඹ නිසා, කොළඹ අයත් ෆයිසර් ම ඉල්ලන එක ඉතාම සාධාරණයි!!!

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Friday, 24 September 2021 02:28 PM

ආණ්ඩුව කියන හැමදේම ඉවක් බවක් නොමැතිව පොහොට්ටුවාදීන් පිළිගත්තාට,ලෝකය ගැන කියවන කරුණු කාරණා දන්නා අය ඒවා පිළිගන්නේ නැහැ.රටේ ජනතාවට කොයි එන්නතත් හොඳයි ගහගන්න කියන දේශපාලකයන් ගහගත්තේ ෆයිසර් බවට විශ්වාස කටයුතු ආරංචි පැතිර ගියා.ඒ අයගේ නෑදෑ හිතවතුන්ටත් එසේ වෙන්නට ඇති බව බුද්ධියක් තියෙන අයෙකුට හිතන්න පුළුවන්.නාමල් හම්බන්තොට ට ෆයිසර් විද්දෙව්වේ ඇයි ? දොස්තරවරුන් තමන්ගේ අයට ෆයිසර් විදගන්න දැඟලුවේ ඇයි ? ෆයිසර් විදගන්න කැමති අයට ඒවා කීයක් හරි දීලා විදගන්න ෆයිසර් පෞද්ගලික රෝහල් වලට නිකුත් නොකරන්නේ ඇයි ? චීන එන්නත් වලින් ලැබෙන අමතර ලාභය ගැන හිතලා නේද එසේ නොකරන්නේ.දේශපාලකයන් ෆයිසර් විදගෙන ජනතාවට චීන එන්නත් විදගන්න යැයි කීම වැරදියි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1805 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site