(කාංචන කුමාර ආරියදාස)
නිවසේ නිරෝධායනයට ලක්කර සිටි මාතලේ මහවෙල පොලිසියේ සැරයන්වරයකු සිය වෙළඳසැල විවෘත කරගෙන වෙළඳාම් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
පෑලියගොඩ මාළු වෙළඳසැලට ගිය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ පියෙකු මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණ සබඳකම් පවත්වා තිබියදීත් එම පියාට කොවිඩ් 19 වයිරසය ශරීරගත වී ඇති බවට ලැබුණු තොරතුරක් මත, මහවෙල පොලිසියේ සැරයන්වරයා නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස තමන් නියෝග කළ බව බණ්ඩාරනායක මහතා පැවසීය.
පසුව එම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් තමන්ට තොරතුරක් ලැබී තිබුණේ මෙම පොලිස් සැරයන්වරයා නිවසේ ඇති තම පෞද්ගලික වෙළඳසැල විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කරන බවය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු කණ්ඩායමක් එම පොලිස් සැරයන්වරයාගේ නිවසට පරීක්ෂාවට යැවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට යන විට පොලිස් සැරයන්වරයා වෙළඳසැලේ භාණ්ඩ අලෙවි කරමින් සිට ඇති බව අනාවරණයවී තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා තවත් දින 14 ක් පොලිස් සැරයන්වරයා නිරෝධායනයට ලක් කරමින් වෙළඳසැල ද වසා දැමීමට නියෝග කොට තිබේ.
මෙම පොලිස් සැරයන්වරයා සිදුකර ඇති බරපතල නිරෝධායන නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරවන ලෙස සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවරූ බව පොලිස් අධිකාරි සඳහන් කළේය.
ඊට අමතරව රාජකාරි මට්ටමින්ද මෙම පොලිස් සැරයන්වරයා පිළිබඳව විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය .
ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා
අබිලින් Monday, 16 November 2020 02:21 AM
ඉතින් මොකේදැයි දන් වළඳන්නේ... තිබුණු පාත්තරේ කොස්ඇට බැද්දේ. එහෙම නැත්නම් වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව... කියලා කියන්න වෙනවා.