(විනීතා එම් ගමගේ)
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් දින තුනක් තිස්සේ ප‍්‍රකාශ ගන්නේ ඒ තරම් විශාල ප‍්‍රශ්නයක් මෙම කුමන්ත‍්‍රණය පිටුපස තිබෙන නිසා විය යුතු යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
මේ සිද්ධිය තුළින් රාජ්‍යය හෙල්ලූම් කා ඇතැයි ද රටේ අභයන්තර අර්බුදයක් මෙන්ම බාහිර අර්බුදයක් පැන නැගී ඇතැයි ද මේ වනවිට රෝ සංවිධානය දක්වා ප‍්‍රශ්නය ඔඩු දුවා ඇතැයි පැහැදිලි යැයි ද හෙතෙම කියා සිටියේය.
ඝාතන කුමන්ත‍්‍රණ ගැන ජනාධිපතිතුමන් අදහස් දක්වමින් පරික්ෂණවල ප‍්‍රගතිය ඉතා සෙමින් සිදුවන බව පවසා ඇතැයි ද එතුමා එසේ කියන්නේ තමනුත් නොදන්නා බොහෝ දේ දන්නා නිසා විය හැකි යැයි ද එජාපයට සිනහවට ලක් කරන කරුණක් වී ඇති මෙම කුමන්ත‍්‍රණ කථාව පිළිබඳව එජාපයේ නිහඬතාව බලවත් හඬක් යැයි තමන්ට සිතෙන බවද මන්ත‍්‍රීවරයා පැවැසීය.
මෙම කුමන්ත‍්‍රණයට රෝ සංවිධානය පැටලවීමට හදන්නේ පරික්ෂණ නොමඟ යැවීමට යැයි කී නානායක්කාර මහතා සැබැවින්ම ජනාධිපති ඝාතන උවමනාව ඇත්තේ ඇමෙරිකන් ඔත්තු සේවාවන්ට යැයි ද කීය. ඇමරිකා ඔත්තු සේවාවන්හි අරමුණ ඔවුන්ගේ නියෝජිතයා රටෙහි නායකයා කිරීම යැයි ද හෙතෙම සඳහන් කළේය.
එය තර්ජනයක් ලෙස දුටු රෝ සංවිධානය මේ කුමන්ත‍්‍රණය හෙළි කිරීමට කටයුතු කළ බව තම වැටහීම යැයි ද නානායක්කාර මහතා කීය.
ද හින්දු පුවත්පත හොඳ අනු දැනුමක් ඇතිව කටයුතු කරන පුවත්පතක් යැයි පැවසූ මන්ත‍්‍රීවරයා බොහෝ දේ සිදුවන්නේ රනිල් මහතාගේ උවමනාවට බව පෙනී යන්නේ යැයි ද කීය.
ඉකුත් නොවැම්බරයේ සිට මේ දක්වා ඔහු ඉන්දියාවට තෙවතාවක් ගොස් ඇති බවත් මෙදා කැබිනට් රැස්වීම අවසන් වූ වහාම එහි ගිය බවත් ඔහු සඳහන් කළේය. වරායේ නැගෙනහිර පර්යන්තය, ත‍්‍රිකුණාමල හා මඩකලපු ගුවන් පථ ද පලාලි ගුවන් තොටුපල ද දෙන්නට පොරොන්දු වී ආවත් කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයාගේ විරොධය හේතුවෙන් එය කළ නොහැකි වූ බැවින් ඒ පිළිබඳව කථා කරන්නට එහි ගියා යැයි සිතන බව ද නානායක්කාර මහතා පැවසීය.
නාලක සිල්වා ගැන තහවුරු වන සාක්ෂි නැතැයි පොලිසිය කියන නමුත් නාමල් කුමාර මේ ගැන කියනවා නම් එයම සාක්ෂියක් කරගෙන පරික්ෂණ නොකරන්නේ මන්දැයි විමසා සිටින බව ද කියා සිටියේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘නාලක ද සිල්වාගෙන් මෙතරම් ප්‍රශ්න කරන්නේ එය විශාල කුමන්ත්‍රණයක් විය යුතුයි‘
rocky Wednesday, 31 October 2018 02:58 AM
අර නඩු විභාග වෙන්න බොහොම කල් ගත වෙන හින්ද ඒවත් බොහොම බරපතල නඩු විය යුතුයි නේද?