(විනීතා එම් ගමගේ)
තානාපති කාර්යාලවලට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් ආපසු ගෙන්වා ගැනීම හේතුවෙන් විදේශ රැකියා කෙෂත්‍රය කඩා වැටීමකට ලක්ව ඇතැයි බලපත්‍ර ලාභී විදේශ රැකියා ඒජන්සිකරැවන්ගේ සංගමයේ (ඇල්ෆියා) සභාපති එම්.එස්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
රැකියා ඇණවුම් ලබාගැනීමේ සිට ඒ ඒ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම දක්වා කිසිදු කටයුත්තක් සිදුනොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් 126 දෙනක් විදේශ රටවල සිටි නමුත් මේ වනවිට සිටින්නේ 16 දෙනෙකු පමණක් යැයි පෙන්වා දුන් ඒ මහතා ඩුබායි ඕමාන් කටාර් යන රටවල් හැර අනෙක් සියලු රටවල සිටින්නේ කම්කරුවකු හෝ රියැදුරකු පමණකැයි ද කියා සිටියේය.
කාර්යංශය පාඩු පිට පවත්වාගෙන යන බැවින් මෙසේ නිලධාරින් ගෙන්වා ගත් බව අමාත්‍යවරයා පවසතත් කාර්යංශය කිසිසේත්ම පාඩු පිට පවත්වාගෙන යන්නේ නැතැයි ද රුපියල් බිලියන 12 ක මුදල් තැන්පතුවක් ද කුවේට් වන්දි මුදලේ රුපියල් බිලියන තුනක් ද ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
ඇල්ෆියා සභාපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ රේණුකා හෝටලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා විදේශ රටවලට නිලධාරින් යැවීමේ දී ඒ ඒ රටවල භාෂාව දන්නා හා ඩිප්ලෝමාව ඇති නිලධාරින් යැවිය යුතු යැයි අමාත්‍යවරයා කියන නමුත් තම සංගමය ඊට විරුද්ධ බවත් යැවිය යුත්තේ ඉහත සුදුසුකම් ඇති වසර දහයක වත් කාර්යංශය තුළ පළපුරුද්ද ද ඇති නිලධාරින් පමණකැයි ද කියා සිටියේය.
එවැනි සුදුසුකම් නැති 40 දෙනෙකු යැවීමේ උත්සාහයක් ගැන මේ වනවිටත් වාර්තා වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.
ඒජන්සිකරැවන් පිටරටින් එන මුදල් වංචාකරන බවට අමාත්‍යවරයා චෝදනා කර ඇතැයි ද එසේ වංචා කර ඇතැයි ඔප්පු වුවහොත් තමන් ඒජන්සියේ ලියාපදිංචිය අවලංගු කරගන්නා බවත් කී සභාපතිවරයා එවැනි චෝදනාවක් ඔප්පු කර ගත නොහැකි වුවහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු යැයි තමන් යෝජනා කරන බවද කියා සිටියේය.
මේ කඹ ඇදිලිවලින් දුක් විදින්නේ අහිංසක වැසියන් යැයි කී ඔහු ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රජය වහා මේ පිළිබඳ මැදිහත්ව කටයුතු කළ යුතු යැයි ද කියා සිටියේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිලධාරීන් 126 දෙනා 16 ට වැටීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රය අර්බුදයක
Pradeep Tuesday, 09 March 2021 12:29 PM
අපොයි, විදෙස් ශ්‍රමිකයින් ගැන මෙතුමාට තිබෙන කැක්කුම. තානාපති නිලධාරීන් වැඩ කරන හැටි, ලාංකික විදෙස් ශ්‍රමිකයින්ට සලකන හැටි ගැන අහන්න ඕනෑ අදාල රටවල ශ්‍රමිකයින්ගෙන්ම තමයි. එයාලා කියලා දෙයි මේ නිලධාරින්ගේ වැඩ කොහොමද කියලා. අවශ්‍ය නම්වලින් කියන්න පුළුවන් කරපු දේත් එක්කම...
SAMADHI Tuesday, 09 March 2021 01:01 PM
අනේ යන්න... මහා සද්ගුණවත් විදේශ සේවය. මම මේ සෞදි එම්බසියේ රෙජිස්ටර් වෙලා දැන් අවුරුද්දකුත් පැනලා තවම එක කෝල් එකක් ආවේ නැහැ ලංකාවට යන්න.
Raveendra Tuesday, 09 March 2021 03:46 PM
අනේද කියන්නේ මරික්කාර් මොනවද දන්නේ? නිකන් කියවනවනේ.. 126 න් 16 ක් නෙවේ 126 ම ගෙන්වන්න තියෙන්නේ. පිංගුත්තරයින්. අපි නොදන්න විදේශ සේවය...