IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නල්ලතන්නි -ශ්‍රීපාද බැතිමතුන් සඳහා කඩිනම් පහසුකම් ලබාදීමට පියවර

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)                              
නල්ලතන්නිය-ශ්‍රීපාද වන්දනාවේ ගමන් කරන ශ්‍රීපාද වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් ගැටළු රැසක් ඇති බවත්, එම ගැටළු වලට කඩිනමින් අදාල අංශ සමග සාකච්ඡාකර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නල්ලතන්නිය හා මස්කෙළිය ප්‍රදේශවල ශ්‍රීපාද වන්දනාකරුවන් ඇතුලු ප්‍රදේශයේ ජනතාවට පවතින ගැටළු සම්බන්ධව සොයා බැලීමට අද (20) දා  පැමිණි හදිසි සංචාරකයකදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෛත්‍රී ගුණරත්න මහතා, නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්පවෘක්ෂ විහාරයට ගොස් විහාරාධිපති දෙහිපේ නන්ද නා හිමියන් හමුවී ප්‍රදේශයේ පවතින ගැටලු සම්බන්ධව විහාරාධිපති හිමියන් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව  වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම  පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද කීය.

“නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයෙන් වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් සඳහා සෞඛ්‍ය පහසුකම් අවම තත්වයකයි තියෙන්නේ. ශ්‍රී පාදයේදී හදසියේ රෝගාතුරවන වන්දනාකරුවන් ළඟම පිහිටි මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ගෙන යන්න කිලෝ මීටර් 19 ක් දුර යන්න ඕනෑ. වන්දනාකරුවන් රැගෙන එන රථ වාහන නැවැත්වීමට ඇති රථ ගාල්වල අඩුපාඩුකම් රැසක් තිබෙනවා. අඹගමුව, මස්කෙළිය හා නෝර්වූඩ් යන  ප්‍රාදේශිය සභා බල ප්‍රදේශගත්තම සංචාරක කර්මාන්තය වැඩිපුරම දියුණු කරන්න පුලුවන් පළාතක්. මේ ප්‍රදේශයේ ලස්සන කඳු වැටි ඇතුලුව සෞන්දර්යාත්මක ස්ථාන රැසක් තිබෙනවා. මේ කඳු වැටි තරණය කරන්න අද කාටවත් අවස්ථාව නෑ. විදේශිකයෝ විශාල පිරිසක් ඉන්නවා කඳුවැටි තරණය කරන්න. ඒ අවස්ථාව අපි ලබා දිය යුතුයි. වයිට් වෝටර් රාෆ්ටින් කියන බෝට්ටු සේවය පදින්න විශාල සංචාරකයින් පිරිසක් ලංකාවට එනවා. කේබල් කාර් සේවය, කඳු තරණය කිරීම කෙටි කාලයකින් ආරම්භ කිරීමට අපට හැකිවෙයි. නල්ලතන්නියේ ගොඩගැසෙන කුණු ගන්න තියෙන්නේ එකම ට්‍රැක්ටරයක් පමණයි. වහාම ක්‍රියාත්මක වන පරිදි  තව ට්‍රැක්ටර් දෙකක් හා අවශ්‍ය  පිරිස ප්‍රාදේශිය සභාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ රෝගීන්ට ඇති එකම රෝහල වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහල ජනතාවට සේවයක් සලසන්න පුලුවන් අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරන්න කඩිනමින් කෙටි කාලයක් ඇතුළත කටයුතු කරනවා. කිතුල් කර්මාන්තය හා දේශිය කර්මාන්තය මේ පළාතේ දියුණු කරන්න කටයුතු කරනවා. පළාතේ ආදායම වැඩි කරන්න පළාත දියුණු කළ යුතුයි. පැරණි තත්වයේ ඇති දේවල් නූතන තත්වයට ගේන්න ඕන. ශ්‍රීපාද නගරයට හැමදාම ජනතාව එන තත්වයට ඇති කළහොත් මේ පළාතම බබලවන්න පුලුවන් කියා මා සිතනවා.”
 

ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ගොස් ප්‍රධාන වෛද්‍ය ලියැදිපිටිය මහතා හමුවී රෝහලේ කාලයක් තිස්සේ පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡා කර එම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පැවසීය. මස්කෙළිය,  රිකාටන් ප්‍රදේශයේ පිහිටි මස්කෙළිය ප්‍රදේශිය සභාව සතු කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයද පරීක්ෂා කර ඊට අවශ්‍ය නවීන තාක්ෂණ යන්ත්‍ර ලබා ගැනීම සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදු කළේය.

මෙම අවස්ථාවට අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංක පෙරේරා,  මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සෙම්බගවල්ලි, ආණ්ඩුකරවරයාගේ ලේකම් තෙන්නකෝන් බණ්ඩාර,  මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් ආර්.රාජවීරන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (4)

නල්ලතන්නි -ශ්‍රීපාද බැතිමතුන් සඳහා කඩිනම් පහසුකම් ලබාදීමට පියවර

nihal Sunday, 20 January 2019 04:44 PM

අපේ සීය මේ ප්‍රවෘතිය දැකලා කිව්වේ සීය පොඩිකාලෙත් ඔය වගේම රටේ පාලකයින් කිව්වා කියලයි.

:       1       174

RaveendraMonday, 21 January 2019 02:43 AM

නිහාල් මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. අරුමෝසම් කතා කියන අරුමෝසම් වෙළෙන්දෝ දියවන්නා ඔයේ මෙන් අනිකුත් දේශපාලන අධිකාරිවලද යහමින් වැජඹෙන්නෝය.

:       0       12

upul Monday, 21 January 2019 07:37 AM

අලුත් ආණ්ඩුකාරවරුනුත් වැඩ පෙන්නන්න අරන් වගේ... දේශපාලඥයන්ගේ වැඩ ආණ්ඩුකාරවරුන් බදා ගන්න යනවා

:       4       0

Amila Monday, 21 January 2019 07:56 AM

මේ විදියට දේශපාලනය කරන අය ගැටලු තියෙන තැන් වලට යන එක හොඳදෙයක්... මෑතකදි සජිත් ඇමතිතුමත් සීගිරියේ අවට තියෙන ප්‍රශ්න බලන්න සහ විසඳුමක් දෙන්න ගිහින් තිබුණා. අනිත් මැතිඇමැතිවරුත් එහෙම යනවා නම් බොහෝ පොදු ගැටළු විසඳගන්න පහසු වෙනවා. මොකද නිලධාරීන් හෝ පහළ ඉන්න වග කිව යුතු අය බොහෝ වේලාවට වැඩ කරන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 159 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1551 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 496 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 268 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 239 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 408 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site