IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නිල ඇඳුම් වවුචරය ගැන පැමිණිල්ලක්

( තිළිණි ද සිල්වා )

 

පාසල් නිල ඇදුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට, රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයකු පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා ගනු ලැබු අදාළ තීරණය මගින් රජයට රුපියල් මිලියන 538යි දශම පහක පාඩුවක් සිදුව ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ සතියේ දී එම කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට කැඳවීමට නියමිත බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.



අදහස් (8)

නිල ඇඳුම් වවුචරය ගැන පැමිණිල්ලක්

demawpiyek Sunday, 07 April 2019 12:08 PM

පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක්... කෙසේවෙතත් විශේෂ වාසියක් සිදුව ඇත. පසුගිය රජය යටතේ පාසල් දරුවන්ට නිලඇඳුම් සපයන ලද්දේ මාෆියාවක් මගිනි. අතරමැදියන් විසින් කෝටිගණන් මුදල් වංචාකල යුගය දැන් නිමකර තිබේ. පසුගිය රජය කාලයේ ටෙන්ඩර්වලදී ඉදිරිපත් කරන්නේ ඉතාම ඉහළ හොඳම කොලිටියේ සාම්පල්ය. නමුත් පාසල් දරුවන්ට නිලඇඳුම් අඩුව ලබාදීමේදී ඉතාම අඩු බාල වර්ගයේ රෙදි ලබාදෙන ලදී. එදා මොහු කතා කලේ නැත. පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය කිසිසේත්ම වෙනස් නොකළ යුතුය. වරදක් වී ඇත්නම් එය නිවැරදි කළ යුතුය. පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට රජය ගෙන ඇති තීරණය නිසා දෙමව්පියන් හට ඔවුන් කැමති ආකාරයේ රෙදි ලබාගැනීමට හැකියාවක් තිබේ. අතරමැදියන් පෝසත් කිරීම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය නොවන බව දශම පහටත් ගණන් බලා ඇති විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට මතක්කරමි.

:       1049       1628

naradhaSunday, 07 April 2019 03:30 PM

මේකට ඩිස්ලයික් දාන්නේ පහුගිය ආණ්ඩුව කාලේ කොමිස් හම්බුන අය වෙන්න ඇති.

:       419       556

චමින්දMonday, 08 April 2019 12:00 AM

නිල ඇඳුම් වවුචරයක් මගින් ලබාදීම ඉතාම පහසු රජයට කිසිම පාඩුවක් විය නොහැකි දෙයක් කියල කියන්න පුලුවන්.මේ ගැන සියලුම පාසැල් වල සංවර්ධන කමිටු හරහා විමසීම කරන්න

:       3       26

Cisco Monday, 08 April 2019 03:31 AM

මේකෙන් පාඩුව සිදු උනේ සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ට. වෙළෙඳපොලේ රෙදි මිල දිනෙන් දින ඉහල යනවා. නමුත් වවුචරේ වටිනාකම එමමයි. ගසාකන එකේ නම් පක්ෂ දෙකෙන්ම වෙනසක් නැහැ.

:       106       67

nimal Monday, 08 April 2019 04:01 AM

ආයෙත් බාල රෙදි දීලා කොමිස් ගන්න තියෙන කැක්කුමක්.

:       4       61

රවි Monday, 08 April 2019 04:08 AM

අතරමැදියන්, ප්‍රවාහන වියදම් ආදිය නොමැතිව පාඩු සිදුවන ආකාරය පැහැදිලි නැත. රෙදි නොගන්නා අය⁣ගේ මුදල් රජයට ඉතිරි වේ. අධ්‍යාපන ඇමති තුමා කරපු එක හොඳ වැඩක්. ඉතිරි වන මුදල් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න.

:       0       27

upul galappaththi Monday, 08 April 2019 04:15 AM

නිල ඇඳුම් රෙදි ලබා දීමේදී ටෙන්ඩර් කැඳවීමට, රෙදි ආනයනයට, ගබඩා පහසුකම් සඳහා, ප්‍රවාහන වියදම්, රෙදි කැපීමේ හා පාර්සල් කිරීමේ වියදම් හා ශ්‍රම කුළී ආදියට යන වැය ඇස්තමේන්තු අඩුවන බව බැලූ බැල්මට පේන දෙයක්. වව්චර් වලදි වෙන තවත් හොඳ සෙතක් තමයි, එක ටෙන්ඩර් කරුවෙකුගේ මඩිය තරවීම වෙනුවට ගමේ ඉන්න පොඩි ටේලර් සාප්පු හිමියාටත් යම් මුදලක් හිමි වීම. ඇත්තටම දෙමව්පියන් ලෙස මම පෞද්ගලිකවත් කැමතියි මේ වව්චර් ක්‍රමයට.

:       0       213

Saman Monday, 08 April 2019 05:58 AM

ඔක්තෝබර් විප්ලවය වෙලාවේ ආයෙමත් මේ පැත්තට පනින්න හදනකොට ඔය පාඩුව ගැන තේරුමක් තිබුනේ නැද්ද ?

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 506 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site