(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් 10 සහ 11 යන දිනවලදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හා කලාපයේ ත්‍රස්ත සංවිධානයක් අතර සබඳතා පවතින බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
පාකිස්තානය කේන්ද්‍ර කරගිනිමින් ක්‍රියාත්මක වන ලක්ෂාර් ඊ තයිබා සංවිධානය හා එම බෝට්ටු අතර සබඳතා පවතින බව එම ආරංචි මාර්ගවලින් කියැවිණි.
ශ්‍රී ලංකා රජය හා නාවික හමුදාව සමඟ කලාපයේ රටවල් බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා බවත් අදාළ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ද අසල්වැසි රටවල් තොරතුරු හුවමාරු කරගත් බවත් එම ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් දා 11 වැනිදා ඉරාන ජාතිකයන් 9 දෙනකු සමඟ හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 60ක් අත්අඩංගුවට ගත්තේය.
ඊට පෙර හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් සමඟ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙක් ද නාවික හමුදා අත්අඩංගුවට පත්වූහ.
මත්ද්‍රව්‍ය ජාවාරම හා ත්‍රස්තවාදය අතර සබඳතා පවතින බවත් ත්‍රස්තවාදයට මූල්‍ය පහසුකම් සපයන ප්‍රධාන මාර්ගයක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවත් එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයට අනුව ලෝකයේ කංසා වගාවෙන් සියයට 86ක් සිදුවන්නේ ඇෆ්ගනිස්තානයේ වන අතර ඉන් වැඩි ප්‍රදේශයක් පවතින්නේ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ පාලනය යටතේය.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නාවික හමුදාව මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රා ත්‍රස්ථ සංවිධානයකටත් හවුල්
de silva Thursday, 18 July 2019 09:57 PM
මුන් එල්ලලා මැරුවේ නැත්නම් පුරවැසි මුන්ගෙන් අපිට මැරුම් කන්න වෙනවා
රවින් Friday, 19 July 2019 02:33 AM
ත්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය අතර සබඳතාවය පවතින්නේ අද ඊයේ සිට නොවේ. එල් ටි ටි ඊ එක සක්‍රියව පවතී සමයේ පවා මෙම සම්බන්දය පැවතුන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණා.