(ඔගස්ටින් ප්‍රනාන්දු)
නවගත්තේගම හිනාගම පවත්වා ගෙන ගිය සූදුපොළක සූදු කෙළිමින් සිටි නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගත හැකි වු බව නවගත්තේගම පොලිසිය කියයි.
හදිසියේම ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් නවගත්තේගම හිනාගම වැව ඉස්මත්තේ පවත්වා ගෙන ගිය මෙම සූදු පොළ වැටලු බවත් පොලිසිය කියයි. එහිදි සුදු සෙල්ලම් කරමින් සිටි පිරිසක් පලා ගිය අතර 8දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. සූදුපොළේ තිබු රුපියල් 113,000 ක මුදලක් ද සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් පිරිස අතර නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු ද සිටි අතර ඔහු මෙයට පෙරද සූදු පිටියක සිටිය දි අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නවගත්තේගම ප්‍රා. සබා මන්ත්‍රී සූදු කෙළිද්දී අත්අඩංගුවට
ජගා Thursday, 01 October 2020 03:15 AM
ප්‍රාදේශීය සභාවල වැඩිහරියක් ඉන්නේ බූරුකාරයින් තමයි.
Rata Wasiya Thursday, 01 October 2020 03:42 AM
සියලු සුදුසුකම් සපුරා ඇත. වහාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරන්න.
Bamunuarachchi Thursday, 01 October 2020 03:52 AM
නවගත්තේගම මිනිසුන්ගේ ජීවන ක්‍රමය සූදුව වෙන්න ඇති. ඒකනේ සූදු කාරයෙක් පළාත් සභාවට පත්කර ගත්තේ..
විජේ Thursday, 01 October 2020 07:28 AM
මේක එච්චර ලොකු ඉශූ එකක් වෙන්න බෑ, බොරුනම් අහන්න චොකා මල්ලිගෙන්..
Ferna Thursday, 01 October 2020 12:01 PM
අයියෝ... මේ රට හදන වියත් මගේ කට්ටියනේ...!!!
rocky Thursday, 01 October 2020 01:25 PM
බණ කතාකරනවද? සූදු කෙළීම, බේබදුකම වගේ කටයුතු දැන් දේශපාලකයින්ගේ විනෝදාංශනේ...! කොහොම වුණත් පොලිසියේ මහත්තුරු පරිස්සම් වෙන එක හොඳයි.
Perera Thursday, 01 October 2020 06:35 PM
20 තිබුනානම් පොලිසියේ අයව වහාම ගෙදර අරින්න තිබුනා.
sharm warn Friday, 02 October 2020 05:13 AM
දැන් මේකේ මොකද්ද පුදුම වෙන්න තියෙන්නේ.?