මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර 10 ක් ගන්නා ලදි. පාසල් වසා දැමීමේ සිට සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල ආසන ධාරිතාව අනුව පමණක් මගීන් ගෙනයාම දක්වා එම පියවර ක්‍රියාත්මක වනු ඇත.
මේ අතර සමාජය තුලින් යළිත් කොරෝනා රෝගියකු වාර්තා වී ඇති නිසා කොරෝනා කොරෝනා වයිරසය මර්දනය කිරීමට පසුගිය කාලයේ දී ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
බලධාරීන් විසින් ගන්නා ලද කඩිනම් තීරණ 10 පහත පරිදි වෙයි.
නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියලුම පාසල් වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සියලුම පෙර පාසල් හෙට (ඔක්තෝබර් 05 වැනිදා) සිට වසා තබන බව කාන්තා කටයුතු හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල මගීන් ගෙනයා හැක්කේ ආසන ධාරිතාව අනුව පමණක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නිවේදනය කරයි. මෙම නිර්දේශය මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති හෙට (05 වැනිදා) සිට සතියක කාලයක් වසා තැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ කරයි.
ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක සේවාවන්හි කටයුතු කරන මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සාමාජිකයින්ට නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්න‘යි යුද හමුදාපතිවරයා දැනුම් දී තිබේ.
කැළණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමාරාච්චි ආයුර්වේද ආයතනය, යක්කල සහ නයිවල පිහිටි උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනය හෙට (05 වැනිදා) සිට වසා තැබේ. මෙම ආයතනව වල සිටින සිසුන් වහාම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දෙයි.
මිගමුව සහ මහර බන්ධනාගාරවලට සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම නතර කර තිබේ.
ගුවන්තොටුපොළ පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්ත වසා දැමීම සම්බන්ධයෙන් තීරණයක් හෙට ගැනීමට නියමිතය.
මේ වන විට ඇඳිරිනීතිය පනවා ඇති දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයන්හි පදිංචිව සිටින ගුවන් තොටුපොළ සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමට පෙර තම තමන්ගේ අංශ ප්‍රධානීන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන ලෙස විවෘත දැනුම් දීමක් කෙරෙයි.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නවතම තර්ජනය පාලනය කිරීමට කඩිනම් පියවර 10 ක්