නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපතිවරයා ඉතුක් සිකුරාදා (20) මෙම අතිවිශේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත. මින් පෙර පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තබා තිබිණ.
තාක්‍ෂණ අමාත්‍ය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද සිකුරාදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සංශෝධනය වී තිබේ.
-036
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව අමාත්‍යංශ දෙකක්
isuru... Sunday, 22 November 2020 03:53 PM
සර් කැබිනට් මැතිවරු 225 කට වැඩි වෙවිදෝ මන්දා සර්...?
suddaMonday, 23 November 2020 12:11 AM
ඒ කියන්නේ අනුර කුමාර සහ සජිත් ඇතුලු පිරිසත් ඇමතිවරු වෙන්න කියලද? 225ට එයාලත් අයිතියි.
RasikaMonday, 23 November 2020 05:30 AM
අමාත්‍යාංශ පිහිටුවලා මිසක් අලුත් ඇමැතිවරු පත්කරලා නැහැ.
sunandaMonday, 23 November 2020 08:05 AM
තව කල් තියෙනවනේ. කවුරු හරි එන්න ඉන්නවා ඇති.
chandima Sunday, 22 November 2020 10:33 PM
වඩේ හරියට නොකළ නිසානේ මාරු කරන්නේ. ඉතින් ඒ ෆේල් වෙච්චි කට්ටියට වෙන එකක් දුන්නත් ඔයටිකම නේද වෙන්නේ?
ලුම්බිණි Sunday, 22 November 2020 11:09 PM
හැන්ද තියෙන වෙලාවට බෙදාගන්න එක කාගේත් සිරිතක්නේ...
Prasad Monday, 23 November 2020 02:12 AM
තව අමාත්‍යාංශ 3කුත් තියෙනවා. ගංජා අමාත්‍යාංශය, පිරිත් කීමේ අමාත්‍යාංශය, මුට්ටි දැමීමේ අමාත්‍යාංශය
NASA Monday, 23 November 2020 02:53 AM
බහුතරයකගේ ඉල්ලීම...
athula Monday, 23 November 2020 06:28 AM
අනේ දෙවියනේ අපේ රට මොනතරම් අගාධයකට අැදන් යනවද කියලා බොහෝ අයට නොතේරෙන එක මහා අවාසනාවක් මෙයා අද භාණ්ඩාගාරයට එන මහජන ධනය දිලිප් ජයවීර සහ නිස්සංක සේනාධිපති හරහා එයාගෙ නමට හරවාගෙන රටම විකුණාගෙන කනවා. මේ ව්‍යයසනය තේරුම් ගන්නේ කවදාද ජනතාව ...?
Rata Perata Monday, 23 November 2020 07:16 AM
ලංකාවේ අසාර්ථකම ජනාධිපති.
දොලේවත්තMonday, 23 November 2020 09:35 AM
ඒ සමග ලෝකයේ මෝඩම ජනතාව....
Nandalal DE SILVA - FranceThursday, 26 November 2020 04:34 PM
පිස්සුද ඔය ලොකු තැන්වලින් නිතරම පම්පෝරි ගහන දෙය .. ඔබ තවම අහලා නැද්ද? 69 ලක්ෂයක් අපට බලය දුන්නා. කියන්නේ කට කහනවටද? අපට ඕනෑ දේ අපට ඕනෑ වෙලාවට කරගන්න කාගේ අවසරද ඕනෑ? කියන එක නේද? ඔබ ඒ ගැන දන්නේ නැතිනම් අර හිටපු සිරිසේන ලොක්කා වගේ පත්තර ටිකක් කියවන්නකෝ...
fairoos Monday, 23 November 2020 08:09 AM
සර් ගැසට් ගහලාම රෙකෝඩ් එකක් තියයි වගේ.
Nandalal DE SILVA - FranceWednesday, 25 November 2020 04:15 PM
දැනටමත් ජනාධිපති සර්, ‘‘ගැසට් සර්‘‘ හැටියට වාර්තාවක් තියලා තියෙනවා. සිරිසේන ලොක්කා නම් රෑ එළිවෙනකම් අත්සන් ලක්ෂ ගණනක් ගහලා අතේ මොකක්ද අසනීපයකුත් හැදුණලු. ගෝඨා සර්, මෙහෙම ගැසට් අත්සන් කරන්න ගියොත් එයාටත් ඔය ලෙඩේම බෝවෙන්න පුළුවන්...!!!
duminda Monday, 23 November 2020 10:29 AM
මොනවද මේ විහිළු? තව ඇමැතිලා ටිකක් ඕනෑ වගේ රට හදන්න..
Appuhami Monday, 23 November 2020 01:13 PM
ඇමැතිවරු නම් කොච්චර හිටියත් කමක් නැහැ. අපිට ප්‍රාෙද්ශීය සභා.., පළාත් සභා නම් තවත් එපා.
Damith Tuesday, 24 November 2020 07:42 AM
මොකක්ද අලුත්..? අපිට තියෙන්නේ අමාත්‍යාංශ ඉතා අඩු ප්‍රමාණයක්. මේ විකාර නවත්වන්න. අපි හිතුවා ඔයාට මොලයක් ඇතියි කියලා.