IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)


නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.


විද්‍යානුකූලව ඇමති මණ්ඩලයක් පත් කළ යුතු හෙයින් පොඩි  පමාවක් සිදුවී තිබෙන බව කී මන්ත්‍රීවරයා එක්සත් ජාතික පෙරමුණේ කිසිවකුත් තනතුරුවලට බල කෑදරකම් නැතැයි ද සමහරුන් කැබිනට් අමාත්‍ය ධුර පරිත්‍යාග කරන්නට පවා සූදානමින් සිටින්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.


ජනපති සමඟ ඉදිරියේදී සුහදව කටයුතු කළ හැකිවේ යැයි නොසිතන බවද කී ඔහු නමුත් අවම සුහදතාවය හෝ පවත්වාගෙන ඉදිරියට යාම තම මන්ත්‍රී කණ්ඩායමේ අරමුණ බව පැවසුවේය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.


රවී කරුණානායක මහතාටත් අමාත්‍ය ධුරයක් හිමි වන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් නලින් බණ්ඩාර මහතා කීවේ රවී කරුණානායක මහතාට අමාත්‍ය තනතුරක් දැරීමට කිසිදු බාධාවක් නැති බව නීතිපතිවරයා ද දැනුම් දී ඇති බවයි.



අදහස් (15)

නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

Buddika Monday, 17 December 2018 08:39 AM

රවී කරුණානායකට ඇමතිකමක් ගන්න නීතිමය බාධාවක් නැතිව ඇති. ඒත් සධාචාරාත්මක බාධාවක් තියෙනවා.

:       8       610

indra Monday, 17 December 2018 08:50 AM

ඔබලා ලැබුවේ ජයග්‍රහණයක් නොව, බහුතරයක් එය පිළිගන්නේ නැත. ඔබලාව නැවත බලයට ගෙනඒමට කැමැත්ත දුන්නේ රට දෙකඩ කරගන්න බලා ඉන්න ඔලු ගෙඩි ටිකක්..., මේකද ප්‍රජාත්‍රන්තවාදය? ඔබලාගේ ත්‍යාගලාභීන් ටිකක් එළියට බැහැලා කෑගැහුවට තව පිරිසක් නිහඬව බලා ඉන්නේ ඔබලා ගැන විමසිල්ලෙන්... දැන්වත් ජනතාවට අවශ්‍ය ඡන්දය පවත්වන්න.

:       615       1344

Mahee Monday, 17 December 2018 08:52 AM

රෝයල් එකේ කට්ටිය දාගන්න. එතකොට රහස් පිටට යන්නේ නැහැ. හිටු කියලා දෙන්න පුළුවන්... දැන් සතුටුයි නේද?

:       164       282

Raveendra Monday, 17 December 2018 09:43 AM

මේ හාදයා පුදුම සද්දයක්නේ දාන්නේ?

:       0       168

Bandara Monday, 17 December 2018 10:08 AM

රට කරවන්න නම් මසුරන් නැතිව බැරි. වටිනා කියන දේ විකිණිය යුතුව ඇති.

:       2       66

Prabath Monday, 17 December 2018 10:10 AM

ඔයාලා දන්න විද්‍යාව... දෙන්න දෙන්නා එකට බැඳලා කුරුණෑගල පැත්තේ කුඹුරු ටික හාන්න දැම්මනම් මරු. අපි දැක්කනේ විද්‍යාව, උසස් අධ්‍යාපනයයි, මහා මාර්ගයයි කාපු හැටි...

:       0       341

Nirmala Matara Monday, 17 December 2018 10:13 AM

ජනාධිපතිගේ කතාවෙන් කියැවුණු රජය හොඳින් කරගෙන යන්න සහතිකයක් දිය නොහැකි බව, ඒ කියන්නේ ඔහු කකුලෙන් අදින්න සූදානම්. ඊට පෙර දෝෂාභියෝගයෙන් ඔහු ගෙදර යවන්න.

:       323       352

mangala Monday, 17 December 2018 10:22 AM

ඔව් ටිකක් කල්ගන්න... විද්‍යාත්මක කෙසේවෙතත් ගෙම්බෝ ටිකක් ගන්න කල්ගන්න බව තේරෙනවා...

:       0       42

dias Monday, 17 December 2018 10:52 AM

මේ අය දිව්රනවා. රටේ මිනිසුන්ට තුන්වේල කන්නට නැහැ.

:       0       21

sana Monday, 17 December 2018 11:01 AM

විද්‍යාත්මක බෙදීමේ ක්‍රමය ඔයාට දැනගන්න තිබුණා ඡන්දයකට ගියානම්, ගහපු පදයකුත් නෑ, බෙරේ පලුත් නෑ..

:       0       24

aravinda Monday, 17 December 2018 11:09 AM

රවී කරුණානායක තමන්ට කෝටි ගණනක් වටිනා නිවසක් ලැබුනේ කෙසේදැයි කියන්නට බැරි තරමට අමතක වීමක් තිබුණා. එවන් කෙනෙකුට රටේ අමාත්‍ය ධුරයක් දැරීමට සදාචාරාත්මක අයිතියක් තිබේද?

:       0       287

RaveendraMonday, 17 December 2018 02:28 PM

අපි මෙයාට පල්දෝරු සංස්ථාවට අදාළ දෙපාර්තමේන්තුව දෙමු. මොකද ඒක සුද්දකරගන්න වඩාත් සුදුසුම මේ හාදයා. ඕනදෙයක් අහන්න මට මතක නැහැ කියල තමයි පටන්ගන්නේ.

:       0       4

lakmal Monday, 17 December 2018 11:18 AM

මෙලහකට විජේදාස, ගන්කන්ද වගේ අයත් ඕකේ එල්ලිලා ඇති...

:       0       30

Shanaka Tuesday, 18 December 2018 02:39 AM

රවිට සුදුසුම ඇමතිකම තමයි මුදල් ඇමතිකම.

:       0       0

vidya Tuesday, 18 December 2018 04:55 AM

පිරිසිදු වැසිකිලි ටිකක් ලංකාව පුරාම හදන්න ඇමිති කෙනෙක් පත් කරන්න. මෙය මුළු ලෝකයේම තියන මානුෂික අයිතිවාසි කමක්. විශේෂයෙන්ම කාන්තාවන්ට සහ පාසල් යන පොඩි දැරියන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

උඩරට දුම්රිය මාඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 2 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 13 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 72 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 166 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 765 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2674 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site