IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නව ගුවන් සමාගම් පහක් ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

( තිළිණි ද සිල්වා )

ඉදිරි මාස දෙක ඇතුළත  ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (27) පැවසීය. 

ඒ අනුව, නොවැම්බර් පළවෙනිදා සිට ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් හා රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සතියකට ගුවන්ගමන් වාර දෙකක් බැගින් ද ආරම්භ කිරීමට නියමිත අතර නොවැම්බර් මස තුන්‍වැනිදා සිට ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් වාර තුන බැගින්ද මෙරටට පැමිණිමට නියමිතව ඇතැයිද අමාත්‍යවරයා කීය.

එසේම දෙසැම්බර් පළමු සතියේ සිටරුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් වාර දෙක බැගිනුත්, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත් මෙරරටට පැමිණෙන බවද හෙතෙම කීවේය.

සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා සංචාරක අමාත්‍යංශය අන්තර් ජාතික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීම සිදුවන බව සංචාරක අමාත්‍යාවරයා කියා සිටියේය.

දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව මෙවැනි අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු  පවත්වා ගෙන යමින් ගුවන් සේවාව මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිම සිය අරමුණ වි ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය



අදහස් (4)

නව ගුවන් සමාගම් පහක් ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

sri lanka son Wednesday, 27 October 2021 08:14 PM

මේ එයාර්ලයින් ඉස්සර ආපු ඒවානේ.

:       1       3

Ranjan Wednesday, 27 October 2021 09:01 PM

එයා ෆ්‍රාන්ස් ගුවන් සමාගම් කෙලින්ම ලංකාවට එන්නේ නැත. ලබන මස 3 දා සිට ඩුබායි දක්වා ෆ්ලයි කරන අතර මගීන් ඩුබායි වලින් මාරු වී එන ගමනට පැය 22 ක් අඩුම වශයෙන් ගත කිරීමට සිදු වෙනවා. මෙවැනි දේවල් කියන්නේ කුමක් නිසාද ?

:       0       1

Kasun Wednesday, 27 October 2021 10:24 PM

මොනවද බන් මේ රටවල් ?ලෝක සිතියමේ සමහර ඒවා තියනවද කියලත් සැකයි

:       1       1

Bamunuarachchi Thursday, 28 October 2021 10:14 AM

ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක්. ඔන්න අනුර ළමයින්ට යන්න එන්න ප්‍රශ්නයක් නැහැ. පඩිය පක්ෂෙට දුන්නනාට ඩීල් වලින් සල්ලි ලැබෙනවානේ.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 71 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 135 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 113 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 234 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 113 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 909 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site