(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා නව මගී මැදිරි 75ක්, බහාලූම් ගැල් 20 ක් සහ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් ලබාගැනීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ අනුව උඩරට දුම්රිය මාර්ගයන්හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප‍්‍රමාණයේ දුම්රිය මැදිරි 75 ක් සහ බහාලූම් ගැල් 20 ක් ද ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුවේ මූල්‍ය සහාය යටතේ ලබාගැනීමට නියමිත අතර සුඛෝපභෝගී බස් රථ කල්බදු පදනම යටතේ ලබාගැනීමට නියමිතය.
පොදු ප‍්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප‍්‍රවාහන සේවාවක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත එම දුම්රිය මැදිරි හා බස්රථ ගෙන්වීමේ කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නව දුම්රිය මැදිරි 75ක් හා සුඛෝපභෝගී බස් 37ක් ගෙන්වීමට පියවර
rama Wednesday, 27 March 2019 09:46 AM
එහෙනම් තව කොමිස් කුට්ටියක් අතට එන වැඩක් කරලා නේද නේද නේද ?
Mahee Wednesday, 27 March 2019 10:21 AM
මට මතකයි ඩලස් ප්‍රවාහන ඇමති කාලේ දුම්රිය මැදිරි වගයක් මිලට ගත් වෙලාවේ කොමිස් වශයෙන් කෝටි ගණනක් ලැබිල ඒ මුදල පොදු වැඩකට යොදවපු බවක් පුවත්පත් වල පළවුනා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේවට කොමිස් ලැබෙනවා. ඒක වෙළඳ ලෝකයේ සාමාන්‍ය දෙයක්. අහයි ඉතින් ඒවා සාක්කුවලට මිසක් වෙන කොහෙවත් යන්නේ නම් නැහැ.
Sanath KandyWednesday, 27 March 2019 11:42 AM
ඩලස්ගෙන් අහන්න උතුරු දුම්රිය මාර්ගය හදන්න අපෙන් එකතු කරපු සල්ලි වලට මොකද වුනේ කියලා...?
Hafeel Wednesday, 27 March 2019 04:31 PM
චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ හිටපු ඩලස්ගේ මුහුණ නොවේ දැන් තියන්නේ... ඒ කාලයේ අසාධාරයට විරුද්ධ වුණා. අද වටේටම ඉන්නේ හොරුන්, මිනීමරුවන්...
MaheeWednesday, 27 March 2019 05:41 PM
ඇත්ත, ඒ ඩලස් නෙමෙයි... මේ ඩලස් මම ඩලස්ගේ සිද්ධිය උදාහරණෙට ගත්තේ කොමිස් ලැබීම අනිවාර්යයෙන්ම කෙරෙන දෙයක් බව කියන්න පමණයි. ඒ කොමිස් සාක්කුවලට දාගන්න එකත් අනිවාර්යයෙන්ම කෙරෙනවා.
gamaya Wednesday, 27 March 2019 10:28 AM
මොන දේ කලත් වැඩක් නෑ වෙලාවට දුම්රිය දාවනය කිරීමට පියවර නොගනීනම්, කාන්තා මැදිරි දැම්මට මොකද වෙලා තියෙන්නේ ? තදබදය වැඩි වීම හා දුම්රිය ප්‍රමාදය වැඩිවීම , දුම්රිය ආරක්ෂක හමුදාවේ පඩි වැඩිවීම පමණකි.
UAE SanathWednesday, 27 March 2019 11:49 AM
කොළඹ, මහනුවර, ගාල්ල, ඇතුළු සංචාරකයන් නිතර ගැවසෙන දුම්රිය ස්ථාන පිරිසිදු කොට, නවීකරණය කරන්න. මහනුවර සිට ඇල්ල දක්වා දුම්රිය මාර්ගය දෙපස කැලෑව කපා දමා පිරිසිදු කරන්න. විදේශීය සංචාරකයෝ මේවා වීඩියෝ කරලා අන්තර්ජාලයට දානවා. වෙනත් රටවල්වල දුම්රිය මාර්ග, දුම්රිය ස්ථාන එක්ක බැලුවම ලජ්ජා හිතෙනවා.
NihalWednesday, 27 March 2019 02:55 PM
අපේ රේල් පාර දෙපැත්ත හරිම අපිරිසුදුයි. මගින් කනබොන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් ඔක්කොම ජනේලෙන් එළියට දානවා.. තව ගෙවල්වල කුණු ගොඩවල් නිමක් නැහැ. කොරලවැල්ල මොරටුව ඇතුළු සෑම නගරයකම එකම තත්වයක් තියෙන්නේ මේවට නීතිරීති නැද්ද? සිංගප්පූරුව ඇතුළු ලෝකේ සියලුම රටවල් හදා ගත්තේ නීති පනවලා, කාලයක් යනකොට ඒක පුරුද්දට යනවා. කව්රුත් බිමට බස් ටිකට් එකක්වත් දාන්නේ නැහැ. කෝච්චියෙන් කුණු දාන 1000ක දඩයක් නියම සෑහෙන අඩුවෙනවා. පාරේ වාහනවලිනුත් කරන්නේ එකම දේ...
tikiri Wednesday, 27 March 2019 10:59 AM
ලංගම සුඛෝපභෝගී ප්‍රවාහන ක්‍රමයක් වීම නොවෙයි විය යුත්තේ... අඩු ගාස්තුවකින් වැඩි පිරිසකට යාමට හැකිවීමයි. අනේ අපි වගේ දුප්පත් මගීන්ට සැප බස් ඕනෑ නැහැ.
anuraWednesday, 27 March 2019 01:28 PM
ඕකට තමයි කියන්නේ දුප්පත් මානසිකත්වය කියලා...
kamaniWednesday, 27 March 2019 07:00 PM
ඔව්,මේක තමයි දුප්පත් මානසිකත්වය කියන්නේ. ලංකාවේ ජනතාවගෙන් 65කට වඩා ඉන්නේ දුප්පත් අයබව ඔබට අමතකද? ඒ වගේමයි ලංකාවේ පොහොසත්ම එක්කෙනත් බටහිර රටවල මධ්‍යම පාන්තිකයෙකු තරම්වත් පොහොසත් නැහැ. ඒ නිසා සුඛෝපභෝගී බස් කෙසේ වෙතත් සාමාන්‍ය බස්වත් රටට අවශ්‍යයි.
Dayal Wednesday, 27 March 2019 11:08 AM
ඔය මොනවා ගෙනාවත් පිටිසර අපිට බස් එකක්වත් නැහැ.
Primas Ignetiyas Wednesday, 27 March 2019 11:15 AM
මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප‍්‍රවාහන සේවාවක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගත්තට මදි . පෞද්ගලික බස් රථ වල කොන්දොස්තරවරු මගී ජනතාවට සලකන හැටි බලන්න.
ravindra bandara Wednesday, 27 March 2019 11:23 AM
අනේ මහත්තයෝ ඉන්දියාවෙන් චීනෙන් ගෙන්න එපා
sam Wednesday, 27 March 2019 11:23 AM
කොළඹ -නුවර උදේ 4.ට 5.ට හවස 6-7 අතර කොච්චි ප්‍රමාණවත් තරම් දාන්නේ නැත්තේ ඇයි .මිනිස්සු ගොඩක් ඉන්නවා කෝච්චියේ එන්න .බස් එකේ යනවනම් සතියේ දවස් වල පැය 4-5 යන ගමන පැය 2.5 න් ඉවර කරන්න පුළුවන්
wedage Wednesday, 27 March 2019 11:35 AM
මේවා බොරු බයිලා... කරන්න හිතන දේවල් මේ කියන්නේ කවදා කෙරෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ...
Nihal Wednesday, 27 March 2019 04:35 PM
ලාභ වුණාට ඉන්දියාවෙන්, චිනෙන් නම් ගෙන්න එපා... ප්‍රමිතිය අන්තිමයි. ලාබ බඩුවේ හිල්, ඉස්සර ඕවා ගෙනාවේ රුමේනියාවෙන්... ඒවා සුපිරියි.
හිඳුරංගල පාල Thursday, 28 March 2019 01:38 AM
ඇහැලියගොඩ ඉඩංගොඩ(කිරිඇල්ල ) මාර්ග අංක 600 මාර්ගයේ (මෙම මාර්ගය ඇහැලියගොඩ නගරයේදී හඳුන්වා තිබෙන්නේ නගරයට ආසන්න ගමක්වන නැදුරන පාර ලෙසටයි දුර බැහැරින් එන කෙනෙකුට මෙය ගැටලුවක්) මේමාර්ගයේ කලවාන. අයගම ඉංගිරිය හොරන කළුතර පානදුර වැනි ප්‍රදේශවල සිට කෑගල්ල මහනුවර වැනි ප්‍රදේශවලට දුර ගමන් බස් යෙදිය හැකි වුවත් ඇහැලියගොඩ ඉඩංගොඩ මාර්ගයේ බස්හිමියන්ගේ විරෝධය නිසා දුර ගමන් බස් ධාවනය වන්නේ නැහැ. ඉඩංගොඩ මහනුවර බසයක් තිබුනත් එයට මගීන් ගන්න ඉඩදෙන්නේත් නැහැ මේ මාර්ගයේ තිබෙන බස් බොහෝවිට වන්දනා ගමන්වල යෙදෙන නිසා මගීන්ට බොහේ වෙලාවට කුලී වාහන ගන්න හෝ බස් එනතුරු පැය ගනන් බලා ඉන්න වෙනවා. මෙලෙස සුඛෝලභෝගී බස් ගන්නවාට වඩා මෙවැනි ප්‍රශ්ණවලට ප්‍රතිකර්ම යෙදීමට පියවර ගන්න.
Lusena Thursday, 28 March 2019 02:55 AM
ලංගමේ ඉන්න අය ඔය බස් ටික කාලෙකින් විනාශ කරලා දායි. ළමුව හොඳ පුහුණුවක් දෙන්න.
vipula Thursday, 28 March 2019 04:04 AM
මැදිරි 75 ඇදගෙන යන්නේ පොලිස්සියෙන්ද ? එන්ජින් ගේන්නේ නැද්ද ?