IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක්

(රන්ජන් කස්තුරි)

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබේ.

මීට ඉහතදී එනම් 2016 වසරේ මාර්තු මස 3 වැනිදා ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබූ ජාතික වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මේ මස 24 වැනිදින සිට අහෝසි කරන අතර නව කොමිෂන් සභාව මේ මස 25 වැනිදින සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයකින් විධානය කර තිබේ.

නව ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස එස්.රඝුග්ගේ මහතා පත්කර තිබෙන අතර කොමිසමේ ලේකම්වරයා ලෙස අනුර ජයවික්‍රම මහතා පත්කර තිබේ.

එම කොමිසමේ සෙසු සමාජිකයින් ගණන 12 වන අතර එම සමාජිකයින් වන්නේ සී.පී සිරිවර්ධන,දමිතා ද සොයිසා,ලලිත් කන්නන්ගර,ජනක සුගතදාස ,චිත්‍රාංගනී වාගිස්වර,චිත්‍රණි සේනාරත්න,කිංස්ලි ප්‍රනාන්දු,ජී.එස් එදිරිසිංහ,එම්.සී වික්‍රමසේකර,වෛද්‍ය පාලිත අබේකෝන්,ඩී.අබේසූරිය සහ ලෙස්ලි ෂෙල්ටන් දේවේද්‍ර යන මහත්ම මහත්මීහූය.



අදහස් (5)

නව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක්

td Wednesday, 20 March 2019 02:07 PM

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප්, ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම මෙන්ම වැටුප් වැඩිකිරීම් වලදී සෑමදෙනාටම එකම ප්‍රමාණයක වැටුප් වැඩිකිරීමක් නොව ලෝකයේ දියුණු රටවල මෙන් සේවකයාගේ දක්ෂතාවය මත, වැඩකරන ප්‍රමාණය මත වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් ස්ථාපිත වියයුතුය. නොඑසේනම් කැපවීමෙන් සේවය කරන කීපදෙනාටත් වැඩනොකරන බහුතරයටත් සමාන වැටුප් වැඩිවීම නොකළ යුතුය. සේවකයාගේ දක්ෂතාවය "review" කර අනුව පඩිවැඩි කළයුතුය. ලංකාවේ පය අටෙන් පැය කීයක් ඔවුන් ගන්න පඩියට කැපවීමෙන් වැඩ කරනවද දන්නේ ඔවුන්ම පමණි. නමුත් නියමාකාරයෙන් කැපවීමකින් "තොරව" සේවාස්ථානයේ සේවයේ යෙදෙන සෑමදෙනාම ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා නම් ඉතාම කැපවීමෙන් රටේ අන් සියලුදෙනාටම හිසරදයක් වී පෙළපාලි සහ පාරවල් අවහිර කොට සටන් දියත් කරන රට ශ්‍රී ලංකාව බවට පත්වී තිබේ.

:       1       13

Roytor Wednesday, 20 March 2019 03:13 PM

මෙය ජනාධිපතිගේ තවත් කාලේ කන කොමිසම්වලින් එකක්. වාර්තා කුණු කූඩෙට දාලා ආයෙත් තව එකක් පත් කරයි.

:       0       32

menna Wednesday, 20 March 2019 03:32 PM

හන්බ වෙන එකට මොනවා කරත් හන්බ වෙනවා. දියුණුයි කියන රටවල විෂමතාවයන් කියලා ඉවරයක් කරන්න බැරිතරම්. ඉන්න තැන සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණොත් හොඳයි. දෙන එකා පොඩ්ඩ හන්බ කරත් දෙනවා. දෙන්නැති එකා මහා පරිමාණයෙන් හන්බ කරත් කේවල් කර එකයි කරන්නේ. ලංකාව ඉන්දියාව, ඇමරිකාව, වැනි රටවල් අනුකරණය කරනවා වැඩියි. එම රටවල් විශාල රටවල්, ඒවායේ පරිපාලනය ලංකාව වගේ කුඩා රටකට හරියන්නේ නැහැ. මොන ප්‍රතිපත්තිය ගෙනාවත් ගමේ එ්කා කරන්නේ ගමේ එකාට ඕනේ විදයට. උතුරේ එවුන් කරන්නේ ඒ ගොල්ලන්ට ඕනේ දේවල්...

:       2       8

Jehaan Wednesday, 20 March 2019 07:34 PM

නිකම් පුටු රත් කරනවාට සහ රාජකාරි පැහැර හැරීම් වලට රාජ්‍ය අංශයේ පඩි ගෙවන රටේ මේවා විහිලු. සෑම සේවකයකුගේම කාර්යක්ෂමතාව මැන බලන නිර්ණායක ආයතන වල ස්ථාපිත කොට පලදායිතාවයක් නැති ආයතන ගැන සොයා බලන්න. උදේ රාත්‍රී සති අන්ත නොබලා, පණ දමා ගෙන වැඩ කරන පුද්ගලික අංශයට විතරක් බදු බර පටවා මේ රට ගොඩ ගන්න බැහැ. පඩි පමණක් ඇති වැඩ නැති රාජ්‍ය අංශය රැකියා සරණාගත කඳවුර වගේ සේවක අතිරික්ත. උපාධිදාරින්ට රැකියා දෙනවා කියමින් ඉංග්‍රීසි ගුරුවරයාව සමාජ අධ්‍යනය උගන්වන්න දමනවා. කලා උපාධිදාරියාව ව්‍යාපෘති නිලධාරි කරනවා. තනතුරට අදාළ වෘත්තීය කුසලතා ගැන අවබෝධයක් නැතිව පඩියේ අගමුල සොයන එක විහිළුවක්.

:       0       1

ranjith Wednesday, 20 March 2019 08:58 PM

මොකද කලින් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක නොකර තව එකක් පත් කරේ කලේ කන්නම තමයි මේවා

:       0       18

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 650 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 181 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 543 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1807 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site