(විනීතා එම්. ගමගේ)
රජය මැතිවරණයේ දී පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බවත්, එය ගෙන එන කාලරාමුව ඉක්මණින්ම ජනතාව ඉදිරියේ පැවසීය යුතු බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය නොතබා ඊට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු යැයි කී අමරසේකර මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් නව ව්‍යවස්ථා සංශෝධනයේ දී 13 වන සංශෝධනය අහෝසි කළ නොහැකි යැයි ද පැවැසීය. නව ව්‍යවස්ථාවේ දී 13 වන සංශෝධනය 15 හා 16 වන සංශෝධන ද ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි ද හැංගි හොරා කථා නොකර ව්‍යවස්ථාව ගැන ජනතාව ඉදිරියේ පුළුල්ව කථා කළ යුතු යැයි ද ජනතාව දැනුවත් කළ යුතු යැයි ද හෙතෙම කියාසිටියේය.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ අදහස් පළ කළේ ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධාන කාර්යාලයේ අද (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා 19 වන ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධන රටේ පාලනයට මිස ජනතාවට වැදගත් ඒවා නොවන බව පෙනීයන්නේ යැයි එසේවුවත් සිදුකරන ලද සංශෝධන පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව සතුට පළ කරන බවත් විශේෂයෙන් 19 සංශෝධනයේ පැවැති හොඳ දේ ඉතිරි කරගෙන නරක දේ ඉවත් කර ඇතැයි බැලු බැල්මට පෙනී යන බවත් කියා සිටියේය.
සියලු කරුණු අනුව පෙනී යන්නේ අලුත්ම ව්‍යවස්ථාවක් ඉක්මණින්ම ජනතාව හමුවේ තැබිය යුතු බව යැයි කී සභාපතිවරයා මේ වනවිට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ කථා බහ කෙමෙන් වියැකී යන්නේ යැයි පෙනෙන බවත් එය එතරම් හොඳ නොවන බවත් සඳහන් කළේය. අලුත් ව්‍යවස්ථාවක් ගැන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් ව ඇති බව පෙන්වා දුන් අමරසේකර මහතා ලක්ෂ 68ක ජනතාව ඡන්දය දුන්නේ රටට නවතම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය නිසා බවද ඒ වෙනුවෙන් බලකර සිටීම ජනතාවගේ වගකීම බව ද සිහිපත් කළේය.
අලුත් ව්‍යවස්ථාව හදන අවස්ථාවේ එහි කටයුතු ජනාධිපතිවරයාගේ වගකීම යටතේ තබාගැනීමට ගත් තීරණයත්, කොමිටි අවස්ථාවන්හිදී සංශෝධන එක් නොකිරීමට ගෙන ඇති තීරණයත් ඉතා හොඳ තීරණ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
එම මාධ්‍ය හමුව ඇමතූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ 19 වන සංශෝධනයේ තිබු හොඳ වගන්තියක් වන ද්විත්ව පුරවැසි භාවය ඉවත් කිරීම පාඩුවක් වන බවය.
එය දේශපාලඥයන්ට පමණක් නොව තීන්දු තීරණ ගන්නා මට්ටමේ නිලධාරින්ට ද අදාල කරමින් පැනවිය යුතු නීතියක් බව කී ඔහු විශේෂයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් හා ඉහළම මට්ටමේ නිලධාරින්ට ද බලපාන පරිදි යළි පැනවිය යුතු යැයි ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් කාරක සභා අවස්ථාවන් හීදී නොයෙක් සංශෝධන එක්කිරීමට තිබු අවස්ථාව නැති කිරීම පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව ස්තුතිය පල කරන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන අවස්ථාවේ දී බොහෝ වගන්ති කමිටු අවස්ථාවේ එක් කළ බව අමතක කළ යුතු නැතැයි ද සඳහන් කළේය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘නව ව්‍යවස්ථාව ගෙනෙන දවස රටට කියන්න’
Ashan Friday, 04 September 2020 02:00 AM
මෙයාලා උත්සාහ කරන්නෙ රට අනාතකරලා යන්ඩ. ඇවිත් තියෙන සංශෝධන තනිකර ඒකාදිපතිත්වයට රට තල්ලු කරන ඒවා