(මනෝප‍්‍රිය ගුණසේකර සහ ටී.කේ.ජී.කපිල)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට්ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන්ට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේ දී අද (27) අධිචෝදනා පත‍්‍ර බාරදුන්නේය.
සිංගප්පුරුවේ සිට ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඞ් මෙරිටයිම් සර්විසස් සමාගමේ වාණිජ නෞකා ආරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානි විශ්වජිත් නන්දන දියබලනගේ මහතා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇප මත මුදා හරින ලදී.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළ අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් පසුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල එලෙස ඇප නියම කළේය.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන යෑමෙන් පසුව කොළඔ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඒ අතර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කරන ලද නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් පසුව එම නඩුවේ සෙසු විත්තිකරුවන් සමඟ ඔහුද ඇප මත මුදා හැරීමට නියම විය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිශ්ශංක සේනාධිපති - පොලිස් කොමිසමේ ලේකම්ට අධි චෝදනා