(මොහොමඩ් ආසික්)
නිහඬ මැතිවරණ සමය තුළ සහ සමස්තයක් වශයෙන් මැතිවරණ සමය තුළ ඡන්දදායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අද(14) රත්නපුරදී පැවැති කැෆේ සංවිධානයේ වැඩමුළුවකදී මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ පූර්ව මැතිවරණ සමයේ තම සංවිධානය වෙත පැමිණිලි 735ක් වාර්තා වී ඇති බවයි. මීට අමතරව සමස්තයක් ලෙස සලකා බැලූ කළ අනිකුත් ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණ නිහඬ සමය සාමකාමී බවද ඒ මහතා පැවැසීය. නිහඬ මැතිවරණ සමය තුළ මේ වනතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 8ක් පමණක් බව පෙන්වා දුන් මනාස් මකීන් මහතා කියා සිටියේ ඒවා ප්රචාරක පුවරු සහ මෙහෙයුම් කාර්යාල ඉවත් නොකිරීම සම්බන්ධයෙන් වාර්තා වූ ඒවා බවය.
නිහඬ මැතිවරණ සමය තුළ සහ මැතිවරණ දිනයේ ඡන්දදායකයින් වෙත අල්ලස් ලබාදීමේ සිදුවීම් වාර්තා විය හැකි බවත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙම ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය. එහිදී ජංගම නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 2300ක් යෙදවීමට අපේක්ෂා කරන බව ද මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය.
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
“නිහඬ මැතිවරණ සමයේදී අල්ලස් දීම් ගැන සොයනවා’’