(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ලංකා ගුරු සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතීසි දන්වා යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
දුප්පතුන්ට ආධාර පිණිස යැයි සඳහන් කරමින්, නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ ගුරු වැටුපෙන් කොටසක් අඩුකිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් තම සංගමයේ සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, එම චක්‍රලේඛය අවලංගු කොට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා ගුරු සංගමය මෙම පෙත්සම ගොනු කර තිබිණි.
පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන නොවැම්බර් 4වැනිදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නැගනෙහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
ලංකා ගුරු සංගමය, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්, ගුරු වැටුප් කප්පාදුවට ලක්වූ නැගෙනහිර පලාත් ගුරුවරයෙකු වන පොන්නදුරෙයි උදයරූබන් යන මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.එම් මන්සූර්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ටී.පී.වනිගසිංහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
නීතීඥ ජගත් නානායක්කාර මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
ඉකුත් මාර්තු 31 වැනිදා නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා. විසින් නැගෙනහිර පලාතේ දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් සදහන් චක්‍රලේඛයක් පළාතේ ගුරුවන්ට නිකුත් කරනු ලැබ ඇත.ඒ යටතේ අප්‍රේල් මාසය සදහා දිනක වැටුපක් කපා හැර ඇත.
ඒ අනුව 4 වැනි පෙත්සම්කාර පොන්නතුරෙයි උදයරූබන් නැමැත්තාගේ මාසික වැටුපෙන් රුපියල් 1174.82 ක මුදලක්ද නොදන්වා කපා හැර ඇති බව දැන ගන්නට ලැබිණි.මීට අමතරව තවත් ගුරුවරු පිරිසක් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සංගමයට පැමිණිලි කර ඇත.මෙසේ ගුරු වැටුපෙන් මුදල් කපා හැරීම මූලික අයිතිවාසිකම් කඩ වීමකි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කල ගුරු වැටුප් කප්පාදු කරන චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නැ’හිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක-ආණ්ඩුකාරවරියට නොතීසි යවන්නැයි නියෝග