(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මේ අවස්ථාවේදී අප කළ යුත්තේ එක එක්කෙනාගේ වැරදි සොයනවාට වඩා තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීම යැයි පැවසූ හිටපු ජනපතිවරයා ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක සියලු දෙනා පක්ෂ පාට බේද අමතක කර එකාවන්ව ඒකරාශි විය යුතු බවද සඳහන් කළේය.
රට අද මුහුණ දී සිටින්නේ මුළු ලෝකයම බලාපොරොත්තු නොවූ ව්‍යසනයකට යැයිද හෙතෙම පැවසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට වඩා උදව් මෙරටට ලබා ගත හැකි බවත් මුළු ලෝකයේම නායකයන් මේ ව්‍යසනයෙන් අද කම්පනයට පත්ව සිටින බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය .
සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින තත්වයක් නොවේ යැයි කී හෙතෙම ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟයට මුහුණදී ඇතැයිද කීවේය.
මේ තත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකාවන්ව අධිෂ්ඨාන කරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
“පක්ෂ නියෝජිතයින්ගේ සාකච්ඡාවක් කැඳවන්නයි ඉල්ලයි’’
Nandalal DE SILVA - France Tuesday, 17 August 2021 04:54 PM
මෙයත් දැන් නින්දෙන් දොඩවනවා වගේ... පාස්කු සංහාරයට අහුවෙයි කියන බයට වෙනත් දේවල් ගැන බොරු ටෝක් දානවා.
bandula Tuesday, 17 August 2021 05:12 PM
ඔවුනුත් ඉතින් මාටියා ගහන්න ඇරෙන්න වෙන දන්න දෙයක් නැහැනේ...
fairoos Tuesday, 17 August 2021 05:48 PM
මෙන්න මේ හිටන් ඇවිල්ලා විකාර දොඩවනවා.. අපි සිරිසේන දීලා නන්දසේන ගෙනාවේ...
සඳුන් Tuesday, 17 August 2021 06:34 PM
සිරිසේන හිටපු ජනපතිතුමා නැති අඩුව දැන් හොඳින්ම දැනෙනවා...
Nihal Tuesday, 17 August 2021 06:54 PM
රටක් හැටියට මේ උවදුරින් ගැලවීමට සියලු දෙනාම එකතුවී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න.
de silva Tuesday, 17 August 2021 07:20 PM
සිරිසේන විකාර දෙඩුවත් මේ අවස්ථාවේ සිරිසේන ජනාධිපති වෙලා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මොනවා නැති වුණත් සිරිසේන දේශපාලන පලපුරුද්දෙක්... හදිසියට ජාතිය අමතලා රූපවාහිනියේ කතාවක් හරි කරගන්න පුළුවන්කම තිබුණා. නන්දසේනට මේ දෙකම නෑ.
කල්පනා Wednesday, 18 August 2021 08:36 AM
සිල්වා මහත්තයා හරි මෙයා කියන්නෙ රනිල් සහ කරු කියපුදේ නැවත කීමක්.
sudath Wednesday, 18 August 2021 02:14 AM
නන්දසේන දන්නේ තමුන් නොදන්න සෞඛ්‍යයේ විශේෂඥයින්ට උපදෙස් දෙන්න. ඒක හැමෝටම කරන්න බෑ...