පකිස්ථානයේ කරච්චි නුවර ඊයේ(22) සිදුවූ ගුවන් අනතුරින් 97 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව සින්ද් පළාතේ සෞඛ්‍ය බලධාරීහු පවසති.
තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බැවින් මියගිය සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇතැයි ද ඔවුහු පවසති.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 91දෙනකු සහ කාර්යමණ්ඩලයේ අට දෙනකු සිට ඇති අතර මගීන් දෙදෙනකු දිවි බේරා ගැනීමට සමත් වී තිබේ.
ලාහෝර් සිට පැමිණි පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ 320 යානය මෙලෙස කඩා වැටුණේ කරච්චි හි ජින්නා ගුවන්තොටුපලට ගොඩ බැස්වීමට සූදානම් වන අවස්ථාවේ දී ය.
යානය ගොඩබැස්වීමට දරන ලද පළමු උත්සාහය අසාර්ථක වී ඇති අතර දෙවැනි වර පහත් කිරීමට සූදානම් වෙද්දී යානය ගිනිගෙන කඩා වැටුණු බව ගුවන් බලධාරීහු පවසති.
පකිස්ථානයේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් නවතා තිබූ වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම අනතුර සිදුවිය.
ජනාකීර්ණ පෙදෙසකට යානය කඩා වැටුණු අතර අනතුරට හේතුව තවම අනාවරණය වී නොමැත.
දිවි බේගත් මගීන් දෙදෙනාගෙන් එක් අයෙකු වන මුහම්මද් සුබෙයාර් මහතා පැවසුයේ යානය කඩා වැටීමට ආසන්න බව එහි සිටි කිසිවකු නොදැන සිටි බවයි. යානය සුමට ලෙස පියාසර කරමින් තිබූ බවත් ගොඩබැස්වීමට සිදුකළ එක් උත්සාහයකින් විනාඩි 15කට පමණ පසු කඩා වැටුණු බවත් ඔහු පැවසීය.
අනතුරින් පසු සුබෙයාර්ට සිහි නැතිවී ඇති අතර ඔහුට සිදුවී තිබුණේ සුළු තුවාල බව වෛද්‍යවරු පවසති.
මරණ 97ක් තහවුරු කරගෙන ඇති නමුත් ඔවුන්ගෙන් කී දෙනකු මගීන්ද යන්නත් භූමියේ පදිංචිකරුවන් කී දෙනකු ද යන්නත් පැහැදිලි නැත. බලධාරීනු පවසන්නේ මියගිය අයගෙන් 16 දෙනකු හඳුනාගෙන ඇති බවයි.
අනතුරින් දිවි බෝරාගත් අනෙක් තැනැත්තා පන්ජාබ් බැංකුවේ සභාපති සාෆර් මසුඩ් නැමැත්තෙකි. දිවි ගලවාගත් දෙදෙනාම යානයේ ඉදිරිපස ගමන් කරමින් සිට ඇත. තවත් කිහිපදෙනකු දිවිගලවාගෙන ඇතැයි විශ්වාස කරන නමුත් ඒවා මෙතෙක් තහවුරු වී නොමැති බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පකිස්තානයේ ගුවන් අනතුරින් 97ක් මරුට
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 11:14 AM
අනේ දෙවියනේ .. ! අවසාන මොහොතේදී මොනවා සිතෙන්නට ඇතිද .. ?
ච්නද්‍රසෝම Saturday, 23 May 2020 09:24 PM
දින ගාණක් ගුවන් යානා ගාල් කර තිබිලා එකපාරට උඩයන්න පටන් ගන්නකොට මේ වගේ දේවල් ඉදිරියේදීත් වෙන්න පුළුවන්. මේ ගැන සැලකිල්ලෙන් සිතාබලන්න වෙලාව ඇවිත්.
අසේල Sunday, 24 May 2020 04:08 AM
ඉතාමත්ම කණගාටුදායක පුවතක්. සියලුදෙනාටම නිවන් සුව! දිවි ගලවා ගත් දෙදෙනා ගැන නම් කියලා වැඩක් නැහැ. ගුවන් අනතුරකින් දිවි ගලවා ගත්තා කියන්නේ ආශ්චර්යක්.