(ඉන්දිකා රාමනායක)
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති ඇපල් වෙළෙඳ සැලක සේවකයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26) පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හැටන් - දඹුලවත්තේ පදිංචි කුමාර් ඩික්සන් නැමැති 22 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අඹ වෙළෙඳ සැලක සේවකයකු බවද පොලිසිය පවසයි.
මෙම තරුණයාගේ ඇපල් තට්ටුවට යාබද සැකකරුගේ අඹ තට්ටුව තිබී ඇති බවත් ප‍්‍රධාන සැකකරු තරුණයාගෙන් ඇපල් වගයක් ගෙන මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඊයේ (25) බහින් බස්වීමක් හටගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අලුයම 2.15 පමණ ඇපැල් තට්ටුවේ තරුණයා කිසියම් අවශ්‍යතාවයකට එම ස්ථානයට පැමිණි අවස්ථාවේ ප‍්‍රධාන සැකකරු බීර බෝතලයක් කඩා එයින් තරුණයාට ඇණ ඇති බවට තොරතුරු ලැබුණු බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරණයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පිටකොටුව ඇපල් තට්ටුවේ තරුණයා ඝාතනය කළ 4ක් අත්අඩංගුවට