(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුලු තිදෙනකුට එරෙහිව පරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නාවද? නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මින් හමුවේ අද (10) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
අපරික්ෂාකාරී ලෙස රිය පදවා 2016 වර්ෂයේදී තරුණයකු බරපතල අනතුරකට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එහෙිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවත් එම නඩු විභාගය අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබිණී.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාඨලීගේ ඉල්ලීම ගැන තීන්දුව 24
යෝගා Monday, 10 January 2022 09:07 PM
එහෙම අත්හිටුවන්න ඉල්ලන්නේ මෙයා හිටපු ඇමති කෙනෙක් නිසාද? මේ අනතුර සම්බන්ධයෙන් කරපු හොර වැඩවලට දඬුවම් ලැබෙන්නම ඕනෑ...
Gamage Tuesday, 11 January 2022 02:13 AM
අනේ මන්දා මෙහෙමත් මිනිස්සු..!!!
Senarath Tuesday, 11 January 2022 09:00 AM
තමුන් නිවැරදි නම් මොනවටද නඩු විභාගය අත්හිටුවන්න ඉල්ලීමක් කරන්නේ?ඒකෙන්ම තේරෙනවා මෙයා වරද කළා කියලා.පච රණවක කියලා දෙමවුපියෝ නමක් දැම්මේ නිකන් නෙමේනේ
Hashan Sachinthana Tuesday, 11 January 2022 01:20 PM
ස්වභාවදහමෙන් දඬුවම් ලැබේවා