(ප්‍රනීත් සේනානායක)
වසර පහකට ඉහතදී (2016 පෙබරවාරි 28 වන දින) රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණය විසින් මැයි 31 වන දින විභාගයට ගනු ලැබේ. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ විභාග කෙරේ.
සාක්ෂි ගොතන ලද සහ සඟවා තැබීමේ චෝදනාව මත, චූදිත හිටපු අමාත්‍ය රණවක මහතාත්, ඔහුගේ රියදුරු තුසිත් දිලුම් කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල යන දෙදෙනාටත් එරෙහිව නඩු පවරා තිබේ.
ව්‍යාජ සාක්ෂි ගොතන ලදැයිද, සාක්ෂි ගොතන ලද කුමන්ත්‍රණයක් සහ අසත්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ චූදිතයන් තිදෙනාට එරෙහිව චෝදනා 16 ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.
ප්‍රධාන චෝදනාව වන්නේ අනතුරට හේතුවූ වාහනය පැදවූයේ දිලුම් තුසිත් කුමාර බව පවසමින් ව්‍යාජ සාක්ෂි කුමන්ත්‍රණය කිරීම හා ගොතන ලද සාක්ෂිය. තවත් චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීි චම්පික මහතා නීතිමය ක්‍රියාමාර්ගවලින් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි සැඟවීමට කුමන්ත්‍රණය කිරීමයි.
හිටපු අමාත්‍ය රණවක මහතා නීතිමය ක්‍රියාමාර්ගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතාට චෝදනා එල්ල විය.
මේ අතර, අධිචෝදනා පත්‍රයට එරෙහි මූලික විරෝධතා අප්‍රේල් 27 වනදා විභාගයට ගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාඨලීගේ නඩුව මැයි 31 දා
Raveendra Monday, 08 March 2021 07:45 AM
නාටකය අවසානයෙ සුදුරෙදි ඔලුවේ සිටම ඔතාගත් මේ අය සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන දී....
DM Monday, 08 March 2021 08:54 AM
නඩුව මුලින්ම මැයි 31, ඊළඟට අගෝස්තු 30, දෙසැම්බර්, මාර්තු 2022..... එහෙම අවුරුදු 3ක්, 4ක් විතර ඇදගෙන යනවා. එතකොට අනිත් ආණ්ඩුව ඇවිත්. ටික දවසකින් නිදොස් කොට නිදහස්. අපි නොදන්න නඩු.
kamal Monday, 08 March 2021 10:09 AM
ළඟදීම රන්ජට යාලුවෙක් ලැබෙයි.
පිටිගල මිලානෝ Monday, 08 March 2021 10:21 AM
පාඨලීගේ අත්බැඳලා, කටවහලා තිබ්බාමවත් සර් පාස් වෙයිද?
විජේ Monday, 08 March 2021 11:45 AM
ඔය නඩුවෙන් මේ හීන් නූලා නිදහස් වෙනවා..., ආයේ පරණ පුරුදු විදිහටම බලේ තියන පැත්තට කඩේ යනවා.