IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පාඨලී චම්පික සී.අයි.ඩීයට කැඳවයි

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ ඇත.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාඨලී චම්පික රණවක මහතාට මෙසේ කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මන්ත්‍රීවරු වන කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා,  මනුෂ නානායක්කාර, නලින් බණ්ඩාර සහ නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරු ද පැමිණ සිටියහ

අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව පත්ව ඇති අසරණභාවය මෙම කටයුතු තුළින් පෙනී යන බවයි.

අමාත්‍යාංශය සිදුකළ ප්‍රවර්ධන වැඩසටහනකට අදාළව කරුණු විමසීම සඳහා බව කියමින් තමා කැඳවා ඇති බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිසමේදී තමන් දුන් සාක්ෂිය හමුවේ කටඋත්තර නොමැති වී සිටින ආණ්ඩුව දේශපාලන දඩයම් තුළින් ප්‍රශ්නය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන බවත් පාඨලී චම්පික රණවක මහතා කීවේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)


 (ඡායාරූප: පාඨලී චම්පික මහතාගේ මාධ්‍ය අංශය)



අදහස් (3)

පාඨලී චම්පික සී.අයි.ඩීයට කැඳවයි

Raveendra Friday, 24 September 2021 12:32 PM

අනේ බලන්නකෝ, මං වගේ අහිංසක මිනිහෙකුටවත් නිදහසේ ඉන්න බැරි විදියට කරදරයි... මිනිසුන් හොඳට දන්නවා බැටළු හමයි, නරි හමයි හඳුනා ගන්න. ඒ නිසා නිකම් බබා න්‍යාය දාන්න එපා...

:       6       5

තව හොඳ 10% කෙනෙක් Friday, 24 September 2021 01:14 PM

පව් අප්පා , සුදනෝ කියලා පෙනන්න සුදු රෙදි අඳිනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා. අතේ මාංචු දාගෙන වඳිනවා. ගහන ගැහිලි හංගනවා. බේරාගන්න දියවන්නාවේ සට්ටඹි රාළලා ටිකකුත් පෙරහරේ එනවා. රට ණයට හිරවෙලා, මෙතුමාලාට සැප වැඩිවෙලා. කොහොම හිටපු මිනිස්සුද? අවුරුද්දෙන්, දෙකෙන් යාන වාහන, සුපිරි ගෙවල්, ළමයින්ට රට සවාරි... ඩේසි ආච්චිගේ මැණික් මල්ල පහළවුණා වගේ ඉබේ පහළ වෙලා...

:       6       1

මාම Friday, 24 September 2021 01:20 PM

මේ නාඩගම් , අපිට පෙන්නන්නකෝ.. ඔය මනුස්සයා කරල තියෙන වංචා, හැබැයි බොහොම පැහැදිලිව. ඔය වගේ අර වීරවංශයත් කුදලන්නකෝ...!!!

:       6       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 507 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1745 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site